Author: LFN

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

Read More

මාතලේ, යටවත්ත හුළංගල බිසෝඇල්ල අසල සිට අඩි 400ක් පමණ පහළ කැළෑවකට වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි. මරණකරු තවත් තරුණයෙන් සිව්දෙනෙකු සමග 15 වනදා රාත්‍රියේ සැලගම වතු යායේ හුළංගල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇත. ඉන් පසු ඊයේ (16) උදෑසන 7:00 පමණ මෙම පිරිස එම ස්ථානයෙන් පහළට පැමිණ තිබේ. එම අවස්ථාවේදී මරණකරු එකවර දුවන්නට පටන් ගෙන ඇති අතර එවිට ‍පහළ කැළෑ ප්‍රදේශයකට වැටී ඇති බව වාර්තා වෙයි. මියගිය තරුණයාගේ ශරිරයේ කොටස් කැළෑ ප්‍රදේශයේ විසිර තිබු බව ගම්වාසීන් පැවසීය. සිද්ධිය සම්බන්ධව මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් “තාජු” නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (17) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදාගේ” සහෝදරයෙක් බවටද හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. ගල්කිස්ස පොලීසියට අනුයුක්ත බඩෝවිට පොලිස් මුරපොළේ නිලධාරින් පිරිසක් ඊයේ (16) පස්වරුවේ බඩෝවිට අදියර තුන ප්‍රදේශයේ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමක් දියත් කර තිබුණි. පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට වැටලීම අතරතුර ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණේ කොස්තාපල්වරයෙක් ද සමඟයි. එහිදී ප්‍රදේශයේ මාර්ගයක් අසළ රැඳී සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු…

Read More

මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඒ අනුව තීරණය කරගත් පරිදි හෙට උදෑසන හතට වර්ජනය ආරම්භ කරන බවයි ඔහු සඳහන්කර සිටියේ.

Read More

පරිසර පනත ඉතා ඉක්මනින් සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පරිසර පනතේ සංශෝධන වලට අනුකූල වන පරිදි රෙගුලාසි ද සංශෝධනය කරනවා.ප්ලාස්ටික් කළමනාකරණ ඒකකයක් පිහිටුවීමටත් ප්ලාස්ටික් ආනයනයේ සිත බැහැර කිරීම දක්වා දත්ත පද්ධතියක් සකස් කිරීමටත් නීති පද්ධතියක් හඳුන්වා දීමටත් අප කටයුතු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Read More

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව තිබේ. අද (17) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි. ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

අද (17) දින සිට 21 වනදා දක්වා සත්‍යග්‍රහයක් සහ විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. මෙම පිරිස ඉහත සඳහන් දින කිහිපයේ වැලිකඩ, පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම දැනුම් දීම සිදුකර ඇත. ඒ අනුව, පහත සඳහන් වග උත්තරකරුවන් වන, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක. ඒකාබද්ධ…

Read More

අඩු ආදායම්ලභී වයස අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට හිඟ දීමනා ද සහිතව ගෙවීමට රජය තීරණය කර තිබේ. වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චතුර මිහිදුම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මාර්තු මස 20 වනදා සිට අදාළ ගෙවීම් සිදුකරන බවය. අස්වැසුම්ලාභී වැඩිහිටියන්ට එම දීමනාව සුබසධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ස්ලිප් ක්‍රමය මඟින් ඍජුවම අස්වැසුම් ගිණුම්වලටම ගිණුම් ගත කිරීමට නියමිතය. ඒ අනුව මෙතෙක් දීමනාව ලබමින් සිටි අස්වැසුම නොලබන පවුල්හි වැඩිහිටියන්ට පමණක් තැපැල්, උප තැපැල් කාර්යාල මගින් හිඟ දීමනා ද සහිතව මාර්තු මස 20 දින සිට ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇත.…

Read More

වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඒ මහතාගේ නීතිඥවරු විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ. එම මෝසම මඟින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය. මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද? නැද්ද? යන තීන්දුව අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ.

Read More

දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිහිටියන් ලෙස නිරන්තර අවධානයකින් පසුවිය යුත්තේ, ඇතැම් ක්‍රියාවන්හි බරපතළකම පිළිබඳව ඔවුන්ට නිසි වැටහීමක් නොමැතිවීම හේතුවෙනි. දරුවන්ගේ එවන් අනාරක්ෂිත ක්‍රියාකාරකමක් නිසා සිදුවන්නට ගිය බරපතළ ඛේදවාචකයක් ඇසිල්ලකින් වැළකී යෑමේ පුවතක් ගම්පොල අධ්‍යාපන කලාපයෙන් අද දෙරණට වාර්තා විය. ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසලක පින්තාරු කටයුත්තක් සඳහා රැගෙන ඒමෙන් පසු ඉතිරි වූ ටිනර් බිමට හළමින් ඒ මත ගිනි දල්වා විනෝද වීමට විදුහලේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් කටයුතු කර තිබේ. එහිදී එක් සිසුවෙක් බෝතලයකට ටිනර් ස්වල්පයක් රැගෙන එය සිය පාසල් බෑගයට දමාගන්නා ආකාරය දුටු තවත් සිසුවෙකු එය ගුරුවරියකට දැනුම් දී ඇත. එම සිදුවීමෙන් උරණ වූ සිසුන් දෙදෙනෙකු ටිනර් පිරවූ…

Read More