Author: LFN
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…
කටාන උතුර කලාපයට අයත් ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ අද (19) පෙරවරු 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවය. ඒ අනුව බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටාන, උඩංගාව, මානචේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කදවල, පහළ කදවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, ආඩික්කණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල දකුණ, මහ ඇත්ගාල සහා නැගෙනහිර කළුවාරිප්පුව යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත. කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුරු කලාපයේ ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව සඳහන් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් පරිදි රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කර තිබේ. ඒ අනුව, ප්‍රථම සංචාරය – 2023 මැයි 09 වනදා, ii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා. දෙවැනි සංචාරය – පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (lDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහා. තෙවන සංචාරය – හවානා නුවර G 77 සමුළුවට සහභාගී වී පසුව…
ක්‍රීඩකයින්ගේ අසාමාත්‍ය දක්ෂතා හේතුවෙන් තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ඉදිරියේදී දැඩිව කටයුතු කිරීමට සිදුවෙන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හිටපු ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා පැවසීය. අද (18) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගොඩක් වෙලාවට පුරුදුවෙලා තියෙනවා තහනම් උත්තේජය භාවිතයෙන් ක්‍රීඩාවේ ජයග්‍රහණ කරා යන්න. තහනම් උත්තේජක මර්දන ආයතනය මගින් අපි මේ ගැන විශේෂයෙන් කටයුතු කරනවා.” “විශේෂයෙන් පාසල් ක්‍රීඩා මට්ටම තුළත් තහනම් උත්තේජක භාවිතය සීඝ්‍ර ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මේ සඳහාත් මැදිහත්ව කටයුතු කරනවා. තහනම් උත්තේජක මර්දන ඒකකය හරහා ක්‍රීඩකයින් අනිවාර්යයෙන්ම පරීක්ෂණ සඳහා යොමු කරනවා. මුත්‍රා සාම්පල විතරක් නෙමෙයි දැන් රුධිරය තුළිනුත් මේ පරීක්ෂණ…
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීය. නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී…
ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ.
2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර රජය විසින් ලබාදෙයි. 2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියන් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා. කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය. 2023-07-01 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, අංක 2415/66 හා 2024-12-21 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කරනු ලැබ ඇත. 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ පහත සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙලෙස හිමිව තිබේ. *අස්වැසුම…
අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබේ. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 අදියර මාර්තු 22 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත. තරගාවලියට එක්වන සියලු කණ්ඩායම් මේ වන විට පුහුණුවීම් ආරම්භ ආරම්භ කර අවසන්ය. වසර දෙකක IPL තහනමකට ලක්ව සිටින හැරී බෘෘක් වෙනුවට දසුන් ශානක මෙවර තරගවාරය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවති ඉන්ටර්නැෂනල් ලීග් 20-20 තරගාවලියේදී ශුරතාව දිනූ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන දසුන් ශානක එම තරගාවලියේදි දැක් වූ දක්ෂතා හේතුවෙන් මෙවර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කැඳවා තිබේ. ඒ අනුව දසුන් ශානක මේ වන විට දිල්ලි…