Author: LFN

අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් නෙදර්ලන්ත ජාතික කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (18) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙළෙඳසැලක් ඉදිරිපිට නැවැත්වීම සඳහා මාර්ගයේ වම්පසට ගන්නා අවස්ථාවේදී එම මෝටර් රථයේ පිටුපසින් එම දෙසටම ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෝටර් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වුවත් එම දිසාවටම ගමන් ගත් තවත් ත්‍රිරෝද රථයක් ඉහත වාහනවල ගැටීම වළක්වා ගැනීම සඳහා එක්වරම මාර්ගයේ දකුණු පසට හැරවීමේදී විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. එම අනතුරින් ත්‍රිරෝද…

Read More

මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එවැනි පසුබිමක අද (19) පෙරවරුවේ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව පවසා ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (18) පැවති සාකච්ඡාවේදීය. රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකිම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර, අපරාධ…

Read More

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබේ. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටය. අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පසුගිය 23වනදා මහරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණු හේවාධීර දොන් ගැමුණුජිත් නම් 54 හැවිරිදි එක්දරු පියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු පසුගිය 26වනදා ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහා දරා තිබේ. එහිදී ඔහු විසින් එම අයිස් මත්ද්‍රව්‍ය ගිලදැමීමත් සමඟ අදාළ නිලධාරීන් දෙදෙනා තවත් රැඳවියන් දෙදෙනකු සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බව පොලීසිය පවසයි. එහිදී…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “හරක් කටා” නැමැත්තාට පලායාම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී ඉන්දියාවට පලාගොස් පසුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප නමැත්තා ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ මෙරට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනාත්මක වන කටයුතුවල නිරත වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඊයේ (18) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. එමෙන්ම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ සැඟව සිටි කාලයේ මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක කටයුතුවලට නිරත වී ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් තොරතුරු පදනම්…

Read More

පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර නිවස ඊයේ (18) පස්වරුවේ පරීක්ෂාවකට ලක්කර තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. නිලධාරීන් පැවසුවේ නිවසේ තිබූ ප්‍රශ්න සහගත භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

Read More

2024 සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ 5% ක සමස්ත වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2024 සිව්වන කාර්තුව සඳහා ජාතික නිෂ්පාදන ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ. අලුත් වූ සාර්ව ආර්ථික ස්ථාවරත්වය මධ්‍යයේ මෙලෙස ශක්තිමත් පරිවර්තනයක් වාර්තා කරමින් ඇති බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. මෙම පෙත්සම අද කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වන දා කැඳවන…

Read More