Author: LFN
ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයා ගෙන ඇත. මෙහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් 03ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව මෙම සාදය සඳහා සහභාගිවූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන…
බටපොළ, ගල් හිරේ, බොරළු ඇළ ආසන්න වගුරුබිමක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවට ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසීය. එම තරුණයා පසුගිය 16 වැනිදා බටපොළ ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට නිවසින් පිටත්ව ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මව විසින් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබූ බව සඳහන්ය. මේ අතර වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය පැවසීය. මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසීය. ඔහු මේ වන විට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටී. අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක් දිනක් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර යලිත් ඊට පසු දින අධිකරණයට ඉදිරිපත් කළේ ය. එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා යළි යලි අප්‍රේල් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් ය මොහුට…
ගිනිඅවියක් ලඟ තබා ගත් ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබෙයි. ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරී ඇප මත නිදහස් කිරීමට මෙලෙස තීරණය කර ඇත. එමෙන්ම ගිනිඅවිය ලබා දුන් බව කියන පොලිස් නිලධාරියා අප්‍රෙල් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 2025.02.19 වන දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩිතබා…
ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එමෙන්ම මෙම විරෝධතා මේ වනවිට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි මස 12වනදා සිට විවිධ පිරිස් මහා බෝධි විහාරය වෙත පැමිණ මාරාන්තික උපවාසයන් හි පවා නිරත වී ඇත. ඔවුන් අවධාරණය කරන්නේ එම විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ නීති වෙනස් කළ යුතු බවයි. එම නීතිය යටතේ නව දෙනෙකුගෙන් යුතු මහා බෝධි විහාර පරිපාලනයේ වැඩි බලයක් හින්දූන්ට හිමිවීම පිරිසගේ විරෝධයට ලක්ව තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ(19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා වන කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි. වෙළඳාම, සංචාරක, තාක්‍ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ආගමික සංචාර ක්ෂේත්‍රය ඇතුළු සංචාරක හුවමාරු පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහාය වීම සහ පාම් තෙල් ආනයනය කිරීම සහ කාබනික ද්‍රව පොහොර හඳුන්වාදීම සදහා ඇති අවස්ථා පිළිබඳවද තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියට විදුලි වාහන යොදා ගැනීම සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය…
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළේය. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු 2023.05.12 අවිසාවෙල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම, 2023.05.26 අවිසාවෙල්ල පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ වෙඩික්කරු ලෙස ක්‍රියා කිරීම සහ 2023.09.20 අවිසාවෙල්ල පුද්ගලයින් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදු කිරීම යන අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න…
වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් පොලීසියට ඊයේ (18) නියෝග කළේය. ඒ වැලිකන්ද පොලීසිය විසින් මීට මාස කිහිපයකට පෙර ගවයින් 20 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ගවයන් රජයේ ගොවිපොළකට භාරදීමට නියෝග කර තිබියදීත්, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණීමේ සිද්ධියකට අදාළවය. අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද ලබා දුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. අදාළ සිද්ධිය සම්බන්ධ වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින් පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාද පෞද්ගලිකව ඒ පිළිබඳ සොයා බලා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙසට…