Author: LFN

බ්‍රිතාන්‍ය රජය විසින් මෙරට හමුදා ප්‍රදානීන්ට එරෙහිව සිදු දරනු ලබන තාඩන, පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව සෘජුව පෙනීසිටිනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එරට විසින් මෙරට හමුදා ප්‍රධානීන් තිදෙනකුට විරුද්ධව පනවා ඇති ගමන් තහනම සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනයෙන් මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද දක්වා ඇත.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ පසුගියදා (23) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් කිලෝ ග්‍රෑම් 402කට අධික තොගයක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර ඇත. එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර 14ක අසුරන ලද නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන…

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර දුම්රියෙන් ගමන් බිමන් යාමට ඔවුන් දක්වන්නේ ඉමහත් කැමැත්තකි. කොළඹ කොටුව සිට මීගමුව දක්වා දිවෙන කාර්යාලීය මන්දගාමී දුම්රියේ නැඟී අවට සිරි නරඹමින් සංචාරකයන් පිරිසක් ගමන් ගත්තේ මෙසේය. තවත් යුවළක් දරුවා ද සමඟ කොටුව දුම්රිය ස්ථානයේදී විඩාව සංසිදුවා ගත් අයුරු ද මෙහි දැක්වේ.

Read More

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ඒ අනුව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.

Read More

කුප්‍රකට පාතාල අපරාධකරුවන්ගේ නම් සඳහන් කරමින් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ලෙස මුදල් ලබා ගනිමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ගිනි අවි දෙකක් සහ පතරොම් 15ක් සමඟ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. දෙයියන්දර සීනිගල්ල සහ තිස්සමහරාමය ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා අවුරුදු 42 හා 45 වයස්වල පසුවන්නන්ය. පෑලියගොඩ පොදු වෙළෙඳසලේ ව්‍යාපාරිකයකුට දුරකතනයෙන් තර්ජනය කර අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂයක මුදලක් ගිණුම්ගත කරවා ගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදා අලුයම් කාලයේදී දෙයියන්දර පොලිස් වසමේ සීනිගල්ල නැඟෙනහිර ප්‍රදේශයේදීය. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී විදේශ රටක නිෂ්පාදනය කළ රිවෝල්වරයක් සහ ඊට යොදන…

Read More

කිලෝ මීටරයකට වැඩි දුරක් ආධාරකයක් නැති කේබල් කාර් අතළොස්ස අතර ලංකාවේ නමත් කඳු දෙකක් අතර කිලෝ මීටරයකට වැඩි දුරක් කිසිදු ආධාරකයක් නොමැතිව ඉදිවන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා චීන රජයේ ශ්‍රී ලංකා තානාපති කිව් ෂෙන්හෝන් (Qμ Zhenhon) ගම්පොළ අම්බුළුවාව කඳු මුදුනට පැමිණියේය. ලෝකයේ කඳු දෙකක් අතර කිලෝ මීටරයකට වැඩි දුරක් කිසිදු ආධාරකයක් නොමැතිව ක්‍රියාත්මක කෙරෙන කේබල් කාර් ව්‍යාපෘති දුර්ලභය. ඒ දුර්ලභ අවස්ථාව දැක අත්විඳීමට ශ්‍රී ලාංකික ජනතාවට මේ වසර අගදී අවස්ථාව උදාවනු ඇත. අද හෙටම අපටත් කේබල් කාර් අත්දැකීම ඒ ගම්පොළ අම්බුළුව කේබල් කාර් ව්‍යාපෘතියෙනි. චීනයේ හා ඇමෙරිකාවේ ඒකාබද්ධ ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවෙන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ…

Read More

කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් කැඳවීමට කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගැනීම විශේෂත්වයකි. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 28 වනදා පැවැත්වෙන බව අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමේ අරමුණ බව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව සභිකයින් 343දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් අප්‍රේල් 28 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ආසන 172ක් ජයග්‍රහණය කරන පක්ෂයට පාලන බලය හිමිවනු ඇත.

Read More

මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ජන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ .මැතිවරණ කොමිෂන් සභාව සභාව පවසන්නේ , අදාළ තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලැබෙන පිළිවෙල අනුව ඒවා මුද්‍රණය සඳහා යොමු කරන බවය .

Read More

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා කරන ලද නියෝගයකට අනුව ,ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සෙබළු 1843 දෙනෙකු අත්අඩංගුවට රැගෙන තිබෙනවා .ආරක්ෂක ලේකම්වරයා මේ නියෝගය නිකුත් කලේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය .පලාගිය සෙබළු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකය

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් ගොඩනගන ලද ” නැගෙනහිර දෙමළ සන්ධානය ” සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් එක්වී ඇත .ඒ ඉදිරි පළාත් පාලන ඡන්දය වෙනුවෙනි . දෙපාර්ශවය අද (22) මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික හෝටලයකදී ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද්දේය . විශේෂත්වය වන්නේ මෙම සන්ධානය සමග මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ද එක්ව තිබුණි.කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් අතර දේශපාලනිකව හෝ වෙනයම් අකාරයක හිතවත්කමක් තිබුනේ නැත .කෙසේ හෝ මේ සන්ධානය ගොඩනැගී ඇත්තේ එම තිදෙනා අතර ඇතිවූ සාකච්ජාවකින් පසුව බව වාර්තා වේ .

Read More