Author: LFN

වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් අයෙකු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් එම තැනැත්තා රුපියල් ලක්ෂ 10 ක් වූ ශරීර ඇප ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ. එමෙන්ම සිද්ධියට සහාය දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

Read More

අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය ඊයේ (29) විවෘත කෙරුණි. ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි. නවීන අංගෝපාංග සහ පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාවෙන් පැයකට ලුණු මෙට්ට්‍රික් ටොන් 05ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. මෙහි නිෂ්පාදනය කෙරෙන අයඩීන් මිශ්‍ර ලුණු ”රජ ලුණු” යන නමින් කිලෝග්‍රෑම් 01 සහ ග්‍රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ඉදිරියේදී පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව තුළින් සෘජු හා වක්‍ර රැකියා 450ක් පමණ ජනිත කිරීමේ හැකියාව පවති බව වාර්තා වෙයි. මෙම අලිමංකඩ ලුණු ලේවායෙන් නිෂ්පාදිත ලුණු ඉතා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වන අතර එය දේශීය වශයෙන්…

Read More

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව එළැඹෙන 01 වැනි දිනද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවය. එමෙන්ම මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් එහි සඳහන් ව තිබේ.

Read More

මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් “කැලිප්සෝ දුම්රිය” නානුඔය දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මීට පෙර බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා දෛනිකව කැලිප්සෝ දුම්රිය ධාවනයට කටයුතු කර තිබුණි. ඒ අනුව අප්‍රේල් මස 8 වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ල සිට නානාඔය දක්වා දුම්රිය ධාවන කිරීමට තටයුතු කරන බව දුම්රිය සාම්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය. කැලිප්සෝ දුම්රිය දෙමෝදර ප්‍රදේශයේ මිනිත්තු 10ක්, ඇල්ල ආරුක්කු 9 පාළම මත මිනිත්තු 10ක් නතර කර සංචාරකයින්ට ඒ අවට සිරි නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණි.

Read More

ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝප් කමිටුව තොරතුරු අනාවරණය වී ඇත. මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනායාචිත යෝජනා හරහා 2022 වසරේ දෙසැම්බර් මස 30 ඉදිරිපත් වූ ඖෂධ වර්ග 38 ආනයනය කිරීම සදහා…

Read More

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ (මරදානෙ චොප්පෙගෙ පුතා) පොලීසිය විසින් ඊයේ (28) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටගොඩ කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධ ආරවුලක් ඇති කරගෙන, එම ඉඩමේ හිමිකරුට සහ දියණියට බැන මරණ තර්ජන කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු රජයේ නිලධාරින් පිරිසක් සමග අදාළ ඉඩමට ගිය විටදී මෙලෙස නිවෙස් හිමියාට සහ ඔහුගේ දියණියට තර්ජනය කර තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අද (29) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකි. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා දින 19කට පසුව පසුගිය මාර්තු 19 වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට සිය නීතීඥවරුන් සමග පැමිණ භාර වුණි. මේ වනවිට අප්‍රේල් මස 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවා තිබේ. 2023 වසරේ මාතර, වැලිගමදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර…

Read More

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තා වේ. විදෙස් වාර්තා සඳහන් කර සිටියේ පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. කෙසේ නමුත් තවත් බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ. මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුතු විය. කෙසේ නමුත් එම භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවිය. මෙම භූමිකාම්පාවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තය බැංකොක් නුවරට ද දැනී තිබුණි. ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක්…

Read More

පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව පැවසුමේ මේ වන විට එම ප්‍රතිඵල සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවය. එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මේ වන තෙක් විභාග දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විවිධ මාධ්‍ය ඔස්සේ එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව පළවන සාවද්‍ය පුවත්වලට නොවරැවටෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විසින් නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම…

Read More