Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලිමංකඩ මේස ලුණු නිෂ්පාදනාගාරය විවෘත කෙරේ
    Featured

    අලිමංකඩ මේස ලුණු නිෂ්පාදනාගාරය විවෘත කෙරේ

    By LFNMarch 30, 2025No Comments3 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය ඊයේ (29) විවෘත කෙරුණි.

    ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.

    නවීන අංගෝපාංග සහ පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාවෙන් පැයකට ලුණු මෙට්ට්‍රික් ටොන් 05ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.

    මෙහි නිෂ්පාදනය කෙරෙන අයඩීන් මිශ්‍ර ලුණු ”රජ ලුණු” යන නමින් කිලෝග්‍රෑම් 01 සහ ග්‍රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ඉදිරියේදී පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව තුළින් සෘජු හා වක්‍ර රැකියා 450ක් පමණ ජනිත කිරීමේ හැකියාව පවති බව වාර්තා වෙයි.

    මෙම අලිමංකඩ ලුණු ලේවායෙන් නිෂ්පාදිත ලුණු ඉතා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වන අතර එය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ජනප්‍රිය වී ඇත.

    අලිමංකඩ ලුණු ලේවාය 2001 වර්ෂයේදී ලුණු සමාගම යටතට පත් වුවත් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට නොහැකි විය.

    කෙසේ වුවත් මේ වන විට එම කර්මාන්ත ශාලාව ක්‍රමයෙන් ඉදිරියට ගෙනවිත් මේස ලුණු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම දක්වා ඉදිරියට රැගෙන ඒමට හැකියාව ලැබී ඇත.

    2024 වර්ෂයේදී ලුණු මේට්ට්‍රික් ටොන් 13,800ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති මෙම ලේවායේ 2025 වර්ෂය තුළ ලුණු මෙට්ට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම අපේක්ෂාව බව වාර්තා වෙයි.

    මෙරට ජනතාවගේ ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලුණු නිෂ්පාදනය කෙරෙන්නේ හම්බන්තොට, පුත්තලම, මන්නාරම, අලිමංකඩ සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල පිහිටි ලුණු ලේවායන්වලින්ය.

    අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවයට එක් වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,

    “අපිට අවශ්‍ය ජනතාවගේ අතට නිෂ්පාදනයේ, ආදායමේ අයිතිය ලබා දීල ජනතාවගේ දුප්පත්කම නැති කරන්න. ඒ වගේම අපේ බලාපොරොත්තුව තමයි රටේ ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන ලුණු ටික නිෂ්පාදනය කරල අතිරික්ත ලුණු අපනයන ආදායමට එක්කර ගන්න. ඒ කියන්නේ රටට අවශ්‍ය ඩොලර් ගේන්න. මම හිතනව තව අවුරුදු 02ක් හෝ 03ක් ඇතුළත අපිට ඒ ඉලක්කයට ළඟා වෙන්න පුලුවන් වෙයි කියලා. ඒ වගේම තමයි මේ අලිමංකඩ ලුණු ලේවායෙන් නිපදවෙන ලුණු ප්‍රමාණය මදි මේ යන්ත්‍ර සූත්‍රවලින් උපරිම නිෂ්පාදනය අපට ලබා ගන්න. ඒ නිසා මෙතනට එහා පැත්තෙ තියෙනවා කුරින්චතිව් (Kurinchathivu) ලේවාය. ඒ කොටස යුද්ධ කාලෙදී ලුණු නිෂ්පාදනය අතහැරල දාලා තිබුණු කොටසක්, ඒ ලේවායෙත් වැඩ ඉක්මනට පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක සංවර්ධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතියත් අපි ඉල්ලලා තියෙන්නේ. රජය හැටියට අපි රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ජනතාව පීඩාවට පත් කරමින් උපරිම ලාභ ලබන්න නෙවෙයි. ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න. අපේ මේ ලුණු සමාගමෙන් වගේම අනෙකුත් හැම ව්‍යාපාරයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ රජයට සාධාරණ බදු ගෙවීම, ජනතාවට රැකියා සැපයීම, ජනතාවට අඩුම මිලට භාණ්ඩ සැපයීම, ඒවගේම පෞද්ගලික අංශයෙන් ජනතාවට අසාධරණයක් වෙනවා නම් ඒ අසාධාරණ මිලට එරෙහිව සාධාරණ මිල ස්ථාපිත කිරීම වැනි දේවල් සඳහා. ඒ වගේම අපි ඉදිරියේ දී උතුරු පළාත සංවර්ධනය කර රටේ සංවර්ධනයට දායක කරගන්න අවශ්‍ය ව්‍යාපෘති කිහිපයකුත් ආරම්භ කරන්න සැලැසුම් සකස් කරල තියෙන්නේ. ඒ අතර පරන්තන් රසායනික කලාපය, මාන්කුලම් සහ කන්කසන්තුරය අපනයන කලාප ආරම්භ කිරීම, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ඒ අතර විශේෂ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202602 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.