Author: LFN
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු අමාත්‍යවරයා හෙට කැඳවා ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇති බව අදාළ උසස් නිලධාරියා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී. 2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයෙ ඇතිවූ වෙඩි තැබිමන් අතර තුර…
වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී යෝජනාව සම්බන්ධව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වූ විජයදාස රාජපක්ෂ මහතා කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ. එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලැබී ඇති බවත් මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාව කථානායකවරයා භාරගැනීම පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට ලක් කිරීමක් ද වන බවය. “දැන් ප්‍රශ්නය තියෙන්නේ හිටපු ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති බවට පත් කළා. ඒ පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත් බවට කරුණු ඉදිරිපත් කළා. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා…
උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර තිබේ. එමගින් අලුත් අවුරුදු කාල සීමාවේදී පැවැත්වෙන විවිධ උත්සව අවස්ථා රැසක් සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම මාර්ගෝපදේශ පිලිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ. විශේෂයෙන් ගම හරහා දිවීම, මැරතන් තරගාවලි සහ පා පැදි වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා…
ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණයෙක් සහ කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (29) එම අනතුර සිදුව තිබුණේ චුන්නාකම් සහ කහටගස්දිගිලිය යන පොලිස් වසම්වලින්ය. චුන්නාකම් පොලිස් වසමේ කන්දරොඩය – පුත්තූර් මාර්ගයේ තුවාක්කෛ ප්‍රදේශයේදී යතුරුපැදියක් එක්වරම අතුරු මාර්ගයකට හැරවීමේදී එම දිශාවටම පිටුපසින් ගමන් කළ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, මයිලන්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි. මේ අතර කහටගස්දිගිලිය පොලිස් වසමේ තම්මැන්නාව – උපුල්දෙනිය මාර්ගයේ කටුකැලියාව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින්…
මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවය. මධ්‍යම මියන්මාරයට පසුගියදා රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණි. එහි අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ එරට ඊසාන දිග සගයින් නගරයේ සිට කිලෝමීටර 16ක් උතුරු දෙසින්ය. ප්‍රධාන භූකම්පනයෙන් පසුවත් ප්‍රබල පසුකම්පන 6කින් එරටට බලපෑම් එල්ල වී තිබේ. මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙසයි. හමුදා පාලනය හේතුවෙන් දැනටමත් මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින මියන්මාර වැසියන් භූ කම්පනයත් සමග දැඩි පීඩනයට ලක්ව සිටී. මේ භූකම්පනයෙන් නැපීටා අගනුවරට සිදුව ඇති හානිය යි. භූකම්පනයෙන්…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (30) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා දක්වා මෙම පැමිණිලි ලද බවය. ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව එක් පැමිණිල්ලක්ද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 179ක් ද මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ලද පැමිණිලි 180 අතුරින් පැමිණිලි 133ක් මේ වන විට විසඳා ඇති බවය. එමෙන්ම තවත් පැමිණිලි 47ක් විසඳීමට කටයුතු කරමින් ඇති බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
මාතලේ පොලිස් වසමේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (29) සවස් කාලයේ මෙම ගිනිඅවිය සහ පතොරම් ගැබ් 02ක සොයාගෙන තිබුණේ මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය. අදාළ ටී 56 ගිනිඅවිය මෙම ස්ථානයේ සැඟ වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
මෙරට වාර්ෂිකව සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%ක් බෝනොවන රෝග හේතුවෙන් සිදුවන මරණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සෞඛ්‍ය දත්තවලට අනුව වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ගෙන් 35%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අතරින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂික ව 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන අතර, ඉන් 4,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂික ව මියයාමට හෝ ආබාධිත තත්ත්වයන්ට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. එමෙන්ම මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙයි. අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරින් 41%ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
වී ගොවිතැනට පමණක් නොව මෙවර යල කන්නයේදී කුඹුරේ වගා කරන අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය ලබා දීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන ඡන්දය වෙනුවෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “අපි දැන් සති තුනකට කලින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා මෙතෙක් පොහොර සහනාධාර ලබා දුන්නේ වී ගොවිතැනට විතරයි. හැබැයි කුඹුරේ වගා කරන අතිරේක බෝග සඳහාද අපි පොහොර සහනාධාර ලබා දෙනවා… අපි පොරොන්දු වුණා ඇප නැතිව ණය මුදලක් ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා කියලා අපි ඒක දැන් හදලා තියෙනවා. තරුණ ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යවසායකය පෙන්වලා කර්මාන්ත…