Author: LFN
මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරයේ පළමු වන අදියර පසුගිය 14 වන දින අවසන් වුණි. කෙසේවෙතත් රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අද දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණි. මේ අතර මේ දිනවල පැපොල රෝගී තත්ත්වය දරුවන් අතර පැතිර යන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, එවැනි රෝග ලක්ෂණ සහිත ළමුන් සිටින්නේ නම් පාසල් වෙත යැවීම නතර කළ යුතු බවය. මේ අතර මේ දිනවල පවතින…
හෙට (01) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු…
කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සෘජු වශයෙන් බලපා ඇති ගැටළු කඩිනමින් විසඳීමට පියවර නොගැනීම සහ දුම්රිය ස්ථානාධිපති සේවයේ දැනට පවතින අධික පුරප්පාඩු පිරවීමට නවක බඳවා ගැනීම් කඩිනම් නොකිරීමට විරෝධය පළ කරමින් එම සංගමය මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල පළමු පියවර ලෙස මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුල්වූ වැලිගම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටන ලෙස කර තිබු දැනුම් දීමකට අනුවය. 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ W15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමකදී පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී. ඒම නීති කෘත්‍ය අතරතුර අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා කියා සිටියේ, ප්‍රශ්නගත සිදුවීමට අදාළව පොලිස්පති දේශබන්දු නැමැත්තාට උඩින් යම් දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් සිටිනවානම් ඒ පිළිබඳ…
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පැමිණිලි වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. ඒ අනුව ඊයේ (30) දිනයේ දී කළුතර පොලිස් කොට්ඨාසයේ අඟලවත්ත පොලිස් වසමේ දී බැන තර්ජනය කර පහරදීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අඟලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ද පැමිණි 5ක් වාර්තා වී තිබේ. එම පැමිණිලි, තලාතුඔය, තණමල්විල, අලුත්ගම, මාතලේ සහ ගලේවෙල යන පොලිස් වසම්වලින් වාර්තා වී ඇත.
උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාදීකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය විසින් නියම කළේය.
යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වන්නි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේදී රුපියල් මිලියන 18 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 85 කට අධික ප්‍රමාණයක් (පාර්සල් 30 ක්) හා ලොරි රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය විසින් සිදුකරනු ලබන බවට වාර්තාවේ.
නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වංචනිකයින්ට සහ දුෂිතයින්ට යළි රට පාලනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවය. “ආණ්ඩුවක් කොහොම ද දූෂිතයින්ට දඬුවම් දෙන්නේ, ආණ්ඩුවක කොහොමද අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ. මොකද්ද ආණ්ඩුවට තියෙන වැඩ කොටස. ඔන්න ආණ්ඩුවට තියෙනවා නීති ටිකක්. අපි මේ 8 වෙනිදාට පාර්ලිමේන්තුවේ සම්මත කරනවා හොරකම් කරලා වත්කම් එකතු කරගෙන තියෙනවා නම් වත්කම් යළි අත්පත් කරගැනීමේ නීතියක් සම්පාදනය කරනවා. නීතියානුකූල නොවන ආකාරයට උපයාගෙන තියෙන වත්කම් පවරා ගැනීමේ පනත. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගැනීමේ අදහසක් අපට නෑ. මේ අපේ…
දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බවය. පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. “මුලික තීරණයක් අරන් තියෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය සංචාරකයින්ට, යාපනයේ ජීවත්වෙන අය කටුනායක ගුවන්තොටුපොළට තමා එයාලා දැනට එන්නේ. එතැන ඉඳලා දේශීය ගුවන් ගමන්වාර වැඩි දියුණු කරන්න මේ ගුවන්තොටුපොළත් සංවර්ධනය කරන්න. ඒකට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ගුවන් ගමන් පිළිබඳව තිබෙන නීතියේ යම් වෙනස්කම් කරන්න. මොකද දේශීය ගුවන් ගමන්වලට…
යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය සඳහා අධි මිල ද ඇතුළුව එකතු කල් බද්ද හෝ කුලිය සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකිරීම මේ වනවිට සිදුවෙයි. අදාළ මුද්දර ගාස්තුව අප්‍රේල් මස 01 වන දින රුපියල් 20 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන්…