Author: LFN
දොඩංගොඩ ගැලනිගම අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට 25.5 කිලෝමීටර කණුව අසලදී වාහන කිහිපයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ. ලොරි රථ දෙකක්, සුඛෝපභෝගි වෑන් රථයක් සහ කාර් රථයක් අනතුරට ලක්වූ වාහන අතර වේ. මාතර දෙස සිට කොළඹ දෙසට හාල් රැගෙන ගිය ලොරි රථයක් ගමන් කරමින් තිබියදී ලොරි රථයේ දකුණු පිටුපස විදේශිකයන් රැගත් සුඛෝපභෝගී වෑන් රථය ගැටී ඇත. ඒ සමගම පිටුපසින් පැමිණි කාර් රථය ද වෑන් රථයේ ගැටී ඇති අතර, අනතුරින් ආරක්ෂිත වැටට ද හානි සිදුව තිබේ. අනතුරින් විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මෙලෙස නියම කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. මෙම නඩුව අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම් දීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය කළාය.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. නඩු තුනක් සම්බන්ධයෙන් පසුගිය 27 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින් මුදල් ඉල්ලා තිබේ. එහිදී බැංකු දෙකකින් රුපියල් ලක්ෂ 10…
අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100 ලෙසත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,645 බවත් ලාෆ්ස් සමාගම නිවේදනය කරයි
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනු ඇත. සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව පවසයි. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331කි. එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183කි.
කෝකිලායි පොලිස් වසමේ නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (31) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියෙකි. විනෝද චාරිකාවක් සඳහා පුදුකුඩිඉරප්පු ප්‍රදේශයේ සිට පැමිණි ඇගලුම් පාඨමාලවක් හදාරන ශිෂ්‍යාවන් හා එහි ගුරුවරිය ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටියදී තරුණියන් දෙදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇත. එම අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ගුරුවරියද ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලීිසය පවසයි. නාවික හමුදා නිලධාරින් විසින් ගුරුවරිය හා එක් තරුණියක් බේරාගෙන ඇති අතර අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන් වී ඇත.…
අද (01) දින ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග…
කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිත කරමින් ග්‍රීසිය වෙත පළා යාමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ ඇති අතර ඔවුන් අවුරුදු 22, 24, සහ 25 වැනි වයස්වල පසුවන තරුණයන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් ඊයේ (31) පස්වරුවේ බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබුණි. එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා ඔවුන් ඉදිරිපත් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් මොවුන් ආගමන විගමන…
වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවය. ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීමක් අද (01) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ. ඒ අනුව අද දිනයේ සිට ඕනෑම තැනැත්තෙකුට ගෙවිය යුතු මෙරට මූලාශ්‍රයක්…
භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මියන්මාර රජය දැනුම් දුන් පසු අදාළ වෛද්‍ය කණ්ඩායම පිටත්කර හැරීමට සූදානම් බවය. කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “මියන්මාරයට අවශ්‍ය කරන බෙහෙත් ඇතුළු සෞඛ්‍ය උපකරණ, ඒ වගේම අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය ලබාදීමට දැන් රජය මැදිහත් වෙලා කටයුතු සුදානම් කරගෙන යනවා. ඒ වගේම මේ වෙලාවේ භූමිකම්පාවෙන් විපතට පත්වූවාට පසුව, ඔවුන්ට වෛද්‍ය සහාය අවශ්‍ය කරනවා. ඒ අනුව අපි මෙවැනි අවස්ථාවලදී අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙකු සහිතව වෛද්‍ය හෙද…