Author: LFN
ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති. දිවයිනේ රක්ෂණ සමාගම් ශාඛා ගණනාවකින්ම මේ අත්දැකීම් විඳීමට සිදුවූ බව ඔවුහු සඳහන් කරති. ඇතැම් රක්ෂණ සමාගම් අනතුරුවලට ලක්වන වාහන අලුත්වැඩියාව සඳහා ප්‍රමාණවත් මුදල් ලබාදීම මැලිකමක් දක්වන බව අප කළ කරුණු සොයා බැලීමකදීද තොරතුරු අනාවරණය විය. ආර්ථික අර්බුදය ඇතිවීමෙන් පසු මේ තත්වය උග්‍ර වූ බව බොහෝ දෙනා පෙන්වා දෙති. සමහර අවස්ථාවලදී විවිධ කාරණා ප්‍රශ්න මතු කරමින් අනතුරට අදාල නියම තක්සේරු වටිනාකම ලබා නොදී මගහරින බව කියති. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම වගකිව යුත්තන්ට දැනුම් දී ඇතත් මෙතෙක් විසඳුම් ලැබී නැති…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබේ. එම මිල පාරසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලබයි. ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වෙයි.
පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි. මේ අනුව, ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යෑම පිණිස සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ…
තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම කච්චතිව් නැවත ලබාගැනීම බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් අවධාරණය කර තිබේ. කච්චතිව් දූපත සම්බන්ධයෙන් රජයේ යෝජනාවලියක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරය විසින් රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස්කර ගැනීම සඳහා ඉන්දීය…
පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙසය. භූ කම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී ඇති බව සඳහන් ය. කෙසේවෙතත් භූ කම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තාවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම වුණි. උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.
ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 113ක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) උදෑසන කාලයේ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. වත්තල පොලිස් වසමේ හේකිත්ත පාර වත්තල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක කාමරයක් තුළ කාන්තාවක් ගෙල වැලලාගෙන සිටින බවට වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත වත්තල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි. විමර්ශන සිදුකළ නිලධාරින් හට ලැඟුම්හලේ නාන කාමරයක් තුළ කාන්තාවක් සිහිසුන්ව සිටිනු නිරීක්ෂණය වී ඇත. එම කාන්තාව නැවත සිහි ගැන්වීමට කටයුතු කර ඇති අතර අනතුරුව ඇය පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් ඇය සන්තකයේ තිබීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට…
භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සඳහන් කරයි. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමි ඒ බව පැවසීය. එමෙන්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහ මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වය මියන්මාරයට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවය. පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 2,700 ඉක්මවා ඇති අතර තවත් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. එමෙන්ම ගොඩනැගිලි කඩා වැටීමත් සමග සුන්බුන්වලට යටවී…
යල කන්නයේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා කිසිදු සැලැස්මක් රජය මේ වනතෙක් සකස් කර නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකොන් මහතා සඳහන් කළේ, ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කළ ද මේ වන විටත් පොහොර සහනාධාරය ලබා දීමට අදාළ මූලික කටයුතු පවා සිදුව නොමැති බවය. අද දෙරණ මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජපක්ෂ මහතාගෙන් විමසූ වට ඔහු පැවසුවේ, පොහොර සහනාධාරය ලබා දමට අදාළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරනු ඇති බවය. “යල කන්නයේ පොහොර සහනාධාර ගොවීන් වෙත මුදාහැරීම මහ කන්නයට සාපේක්ෂව ඒ හා සමානවම ලබාදීමට නියමිතව තිබෙනවා. හෙක්ටයාරයකට රු 5,000 බැගින් පළමු…
අම්බලන්ගොඩ සහ අම්බලන්තොට පොලිස් වසම්වලදී සිදුකළ වෙඩිතැබීමේ සිදුවීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (01) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මාර්තු 14 වන සවස් කාලයේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබුණි. එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දහවල් කාලයේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර මාර්තු 31 වනදා අලුයම් කාලයේ අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි…