Author: LFN

රක්ෂිත බන්ධනාගාරගත කර සිට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට පසුගිය 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.

Read More

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද මහතා මේ බව දැනුම් දී ඇත. එම නිවේදනයේ දැක්වෙන පරිදි, 2025 අප්‍රේල් මස 04 දින සිට 2025 අප්‍රේල් මස 30 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවනු ලැබේ. ‍2025 අප්‍රේල් මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00 පැයට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර, කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව අවධාරණය කර ඇත. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිර්පත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක…

Read More

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස් සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. 2019 වසරේ පෙබරවාරි මස 17 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16.88ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවය. ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම…

Read More

මාතලේ පොලිස් ස්ථානයට අයුතු ලෙස ඇතුළුවීම හා ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම යන චෝදනාව යටතේ පුද්ගලයින් පස්දෙනෙකුව අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහන්වර අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් හා මාතලේ වරකාමුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව මාතලේ පොලීසිය පවසයි. මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරි එස්. එම්. එන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මාතලේ පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත. තරුණයින් පිරිසක් ඊයේ (02) පෙරවරුවේ මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණි. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි මාතලේ පොලීසියේ නිලධාරින් කිහිපදෙනෙකු තරුණයින්ව පරික්ෂාවට ලක් කර…

Read More

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 09 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය. එහිදි හිටපු අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගත්තේය. ඒ අනුව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් අද (03) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මෙලෙස නියෝග කර ඇත. මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති…

Read More

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එම අභියාචනය, අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එය කොළඹ මහාධිකරණයට භාර දී ඇත. එම අභියාචනා පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබාදීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බවය. ඒ අනුව තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම කමිටුව සඳහා පත් කරනු ලැබ තිබේ.

Read More

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වන දින සිට ආරම්භ කෙරුණු අතර එම කටයුතු පසුගිය 17 වන දිනෙන් අවසන් කෙරුණි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා වූ රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සංගණනය අවසන් අදියර වෙත ළඟා වී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ඒ අනුව යම් රාජ්‍ය නිලධාරීයෙකු තම තොරතුරු මේ දක්වාත් ලබාදී නොමැති නම් එම තොරතුරු තම ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව අදාළ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ…

Read More

මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක් පත් මඟින් රුපියල් 27,031,024.15 ක මුදලක් වංචා කළ බවට පරණ කොට්ටාව පාර, නාවින්න, මහරගම ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා විසින් පසුගිය 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ. ඒ අනුව, සිදුකළ විමර්ශනයට අනුව මුදල් වංචා කරන ලද සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු පසුගිය පළමුවනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වන කැලණිය ප්‍රදේශයේ හා සැකකාරියන් අවුරුදු 25,…

Read More

බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපීය සංචාරකයින් වෙනුවෙන් විද්‍යුත් අවසර පතක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ඒ යටතේ පවුම් 16ක මුදලක් වැය කර අවසරපත් ලබාගත යුතු බව වාර්තා වේ. කලක් යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකුව සිටි බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වූයේ බ්‍රෙක්සිට් නම් සුවිශේෂී වැඩපිළිවෙළ යටතේය. එතැන් සිට එරට යුරෝපයෙන් වෙන්වූ රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටී. තම රටට පැමිණෙන සියලුම යුරෝපීයයන් ඉලක්ක කරගත්, විද්‍යුත් සංචාරක අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බ්‍රිතාන්‍යය දැන් පියවර ගෙන තිබේ. නව ක්‍රමවේදය යටතේ බ්‍රිතාන්‍ය දේශසීමාව තරණය කරන සියලුදෙනා මේ විද්‍යුත් සංචාරක අවසරපත් ලබාගැනීම අනිවාර්ය කෙරේ. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගත හැකි මෙම අවසරපත සඳහා පවුම් 16ක මුදලක් වැයකළ යුතු වේ. එය ක්‍රියාත්මක…

Read More