Author: LFN

පළාත් පාලන මැතිවරණ පනත හා වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව තවත් අදියරක් අද (04) රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. මේ සඳහා රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගීවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මීට අමතරව මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙනු ඇත. මෙම වැඩසටහනේ අදියර කිහිපයක් පසුගිය දා බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර දිවයිනම ආවරණය වෙන පරිදි මෙම වැඩසටහන් පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම…

Read More

15 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා, තවත් පාසල් සිසුන් 5 දෙනෙකු ඇතුළු හත් දෙනෙකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දූෂණයට ලක් වූ එම දැරියගේ දෙමාව්පියන් විසින් දැරිය සමග පොලීසියට පැමිණ සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ. සමූහ දූෂණයට ලක් වූ බව කියන පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය. දූෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගි වන බව පවසා තම පෙම්වතා බව කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් තිබේ. එම අවස්ථාවේදී සැකකාර පෙම්වතා…

Read More

අඹුසැමි යුවලක් ඉලක්ක කර හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැළක ඊයේ (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැළේ හිමිකරු බව වාර්තා වේ. රාත්‍රී 7ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව පොලීසිය පැවසීය. එහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ගාල්ල ජාතික රෝහලට ඇතුළත්කළ කරනු ලැබීය. තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වයද බරපතළ බව වාර්තා වේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ගත වූ මාස 3 තුළ පමණක් මාරක රිය අනතුරු 565ක් සිදුව ඇති බවත්, ඉන් පුද්ගලයින් 592ක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. එළැඹෙන අලුත් අවුරුදු සමයේ රථ වාහන අනතුරු අවම කරගැනීම සඳහා කොළඹදී ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ බව පැවසීය. විවිධ අවශ්‍යතා සඳහා නිවසින් පිටව යන පුද්ගලයන්ගෙන් 7ත් 8ත් අතර දිනකට රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බවද ඔහු පෙන්වා දුන්නේය. 2024 දෙසැම්බර් මාසය වනවිට මෝටර් රථ කොමසාරිස් කාර්යාලය තුළ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 84 ලක්ෂ 54,513කි. ඉන් වැඩිම ප්‍රමාණයකින් ලියාපදිංචි වී ඇත්තේ යතුරුපැදි…

Read More

අද (4) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද…

Read More

විද්‍යුත් ඩෙටනේටර් 02ක් සහ ගංජා ග්‍රෑම් 81ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිංවත්ත පොලිස් වසමේ නැපෝලියන් වත්ත ප්‍රදේශයේදී පිංවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 49ක් වන වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පිංවත්ත පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

වෙරළ තීරයක තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ. ඒ, මොරටුව පොලිස් වසමේ උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේ වෙරළ තීරයේ කාන්තා මළසිරුරක් ඇති බවට මොරටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුවය. මරණකාරිය වයස අවුරුදු 58ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

නිවසක් බිඳ දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය කටයුතු කර තිබේ. පසුගිය මාර්තු 24 වනදා මොරටුව පොලිස් වසමේදී අදාළ නිවසට ඇතුළුවී තිබූ කාන්තාවන් තිදෙනෙකු නිවසේ තිබූ රුපියල් 639,000ක මුදලක් සොරකම් කර තිබූ බවට පොලීසිය පැමිණිල්ලක් ලැබී තිබුණි. මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඊයේ (03) දහවල් මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරියන් අවුරුදු 33 හා 47 යන වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන් ය. සොරා ගන්නා ලද දේපොළවලින් කොටසක් පොලිස් භාරයට ගෙන ඇති අතර මොරටුව පොලීසිය…

Read More

සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත. මෙවර අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අටලක්ෂ 12,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා ලබාදීමට නියමිතව තිබුණි. රුපියල් 5,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500ක සහන මිලකට ලබදීමට තීරණය වී තිබුණි. මෙම කාලීන ආහාර පැකේජය සඳහා පසුගියදා කැබිනට අනුමැතිය…

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්’ යන සංකල්පය තහවුරුකරමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වේ. අග්‍රාමාත්‍යවරයා පිළිගැනිමේ නිල උත්සවය හෙට (5) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සංචාරයේදී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වේ. එමෙන්ම බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට…

Read More