Author: LFN

ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රී 8ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක පිහිටි නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසුවේය. වෙඩිතැබීමට පැමිණි පිරිස නිවසේ සිටි පුද්ගලයාගෙන් කඩුවක් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නිවසේ සිටි පුද්ගලයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව…

Read More

ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පැවසුවේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවය.

Read More

අද (5) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් සටහනක් තබා තිබේ. එහි දැක්වෙන්නේ, “කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසු වෙමි.” යනුවෙනි. ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාව විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන අමාත්‍යවරුන් විසින් පිළිගනු ලැබීය. එම අවස්ථාවට සරෝජා සාවිත්‍රී පෝල් රාජ්, ක්‍රිෂාන්ත අබේසේන, අනිල් ජයන්ත යන අමාත්‍යවරුන් ද එක්වී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරත වන සිව්වන අවස්ථාව මෙය…

Read More

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ. වින්දිත තරුණිය ප්‍රතිකාර ලබාගැනීමේදී අදාළ වෛද්‍යවරයා හිංසනක් සිදුකළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ, චෝදනාව එල්ලවන වෛද්‍යවරයා සිය සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පවසයි. “මේ සම්බන්ධනේ මීගමුව රෝහලෙන් වාර්තාවක් කැඳවූවා. එහිදී පැහැදිලි වුණු එක් කරුණක් අදාළ වෛද්‍යවරයා මීට පෙරත් රජයේ වෛද්‍ය…

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණ තිබේ. තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැතිවරයා දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය රජයට අයත් ඉන්දියා 01 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙරට සංචාරයේ නිරත ඉන්දීය දූත පිරිසේ 60 දෙනෙකු පැමිණ සිටින අතර ඊට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාද සිටීම විශේෂත්වයකි. ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සඳහා පැමිණ තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ. මේ අතර කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින…

Read More

අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු අවම කරගැනීම සඳහා යෝජනා කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කළේය. කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254ක දුරින් යුත් අධිවේගී මාර්ගය එම දුර ප්‍රමාණය සඳහා පවතින්නේ එකම සැපයුම් මධ්‍යස්ථානයක් වන අතර මෙම තත්ත්වය තුළ රියදුරන් අධික වෙහෙසට පත් වුවහොත් විවේක ගැනීම සඳහා ගැටලු මතුවන බව ඔහු පැවසීය. අධිවේගී මාර්ගයක ගමන් කිරීමේදී රථවාහනවල ගැටලු පමණක්ම නොව පුද්ගල ගැටලු මෙන්ම රියදුරන්ගේ වැටලු ද පවතින අතර මෙම කාරණා…

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සිදුකරන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (4) දිනයේ ද විශේෂ නිවේදනයක් සිදු කළේය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුකරන රථවාහන සැලැස්ම සම්බන්ධව මීට පෙරද දන්වා සිටියේය. අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ පැමිණෙන හෙයින් අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලැබේ. එමෙන්ම මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්ග වසාතැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට දන්වා සිටි. හෙට (5) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ…

Read More

58වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පෙරවරුවේ දී පැවැත්විණි. සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ අරමුණින් සිදුකරන මෙම ‘ජාතික අලුත් සහල් මංගල්‍යය” රජ සමයේ සිට පැවැත එන චාරිත්‍රයක්ය. ‘කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි’ ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වී රටට, ජාතියට සෙත් පැතීම මෙහි අරමුණ වේ. අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදීම සිදුකෙරුණි. මෙහිදී…

Read More

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබේ. සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Read More