Author: LFN

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රමාත්‍යවයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්ව විවෘත කරන ලද දඹුල්ලේ අපි ඇරඹු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මගින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මෙය විවෘත කිරීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බවත් ඒ හේතුවෙන් තමන් මෙය විවෘත කිරීම සම්බන්ධව අවංකව සතුටට පත්වන බවය. ඒ සම්බන්ධව මන්ත්‍රීවරයා විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්, “අද මගේ ජීවිතයේ තවත් ඓතිහාසික දවසක්. එසේ වන්නේ දඹුල්ලේ අපි ඇරඹූ උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර එය මෝදි අගමැතිවරයා සහ අනුර…

Read More

මෙරට පවතින රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කර මෙරට ජනතාවට කෙටි කාලයක් තුළ ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළින් රෝගීභාවයට පත්වන පුරවැසියාට ලබා දිය හැකි ඉහළම සත්කාරය, පිළිගැනීම, රෝහල තුළින් ලබා දීම මෙන්ම පුරවැසියාට සුවපහසු සමීප තැනක් බවට රෝහල පත් කිරීම වත්මන් රජයේ අරමුණ බවය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීම් සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්‍රමිතිකරණය ලබා ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගී වෙමින්ය. සමස්ත රාජ්‍ය සේවාව ම ඩිජිටල්කරණට ලක්කර…

Read More

දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියේය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුව බලා අද පෙරවරුවේ පිටත් විය. තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට එක්වීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුව බලා පිටත්ව ගියේය. සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් කෘතඥ වන බවය. එමෙන්ම මෙම සංචාරය ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇති බවත් එය නිසැකවම…

Read More

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය. ඒ අනුව එහි සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය. මේ සමගින් නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත විය. මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් විය.

Read More

මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. පසුගිය මස 31 වැනි දින අදාළ තරුණිය දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇගේ මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් ඇයව ලිංගිත අතවරයට ලක් කළ බවට මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ හරහා මීගමුව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ. ඒ අනුව අදාළ තරුණිය පසුගිය 02 වැනි දින අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය වාර්තාව සම්බන්ධව අදාළ තරුණිය සෑහිමකට පත් වී නොමැති බවද පොලීසිය පවසයි.…

Read More

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. ඒ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි. සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී – ආර් සංකල්පයට” අනුගත වීම සඳහා එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ. බොහෝ රාජ්‍ය ආයතන නාගරික ප්‍රදේශ කේන්ද්‍රගතව පිහිටා ඇති අතර එම ආයතන වෙත දෛනිකව පැමිණෙන විශාල ප්‍රමාණයක් හෝ රාජ්‍ය සේවකයින් හරහා නිර්මාණය වන අපද්‍රව්‍ය පාලනය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ…

Read More

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධව නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවී ඇති බැවින් මේ සම්බන්ධව ක්ෂණික සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයායෙන් ඉල්ලා සිටින බවය. එමෙන්ම මේ සම්බන්ධව සිදුවන සිදුවීම් නීතීඥ සංගමය සමීපව නිරීක්ෂණය කරන බවත් සිද්ධිය සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව සහ නීතියේ ආධිපත්‍ය සහතික කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක්ද ගනු ඇති බවත් නීතීඥ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබේ. එමෙන්ම දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන එවැනි සිදුවීම් වැළැක්වීම් සඳහා දැඩි ප්‍රවේශමෙන්…

Read More

රාජගිරිය උත්සව අවස්ථා පරිශ්‍රයක හදිසි ගින්නක් හටගෙන තිබේ. එහි පැවැති උත්සවයක් අතරතුර මෙම ගින්න හට ගෙන ඇතැයිද සඳහන්. මේ වන විට එහි සිටින පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කටයුතු කරන අතර ගිනි නිවීමේ රථ කිහිපයක්ද යොමු කර තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, යාපනය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවය. සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින්…

Read More

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවය. අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

Read More