Author: LFN
කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණය ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 30ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90 ක් ලෙසින් වාර්තා වුණි. එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 5.30% ක හා 4.16% ක පහළ යාමක් වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේය. පසුගිය දිනවල හිටපු ජනාධිපතිවරයා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වී තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, “සමාජ මාධ්‍යයේ එහෙම කිව්වට මම ගෙදර යද්දි හොඳට හිටියා.” යනුවෙනි.
වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත ඊයේ (6) යොමුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් මේ බව දන්වා සිටියේය. මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැරහරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. ඉකුත් 1වනදා රාත්‍රියේ දී නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම…
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබේ. පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතියි. එමෙන්ම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවිමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇත. සියලුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා දැනටමත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් රැසකට පනවනු ලැබූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රටවල් රැසක් මේ වනවිට අමෙරිකාව හා සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ, රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ධවල මන්දිරය හා සම්බන්ධවීමට උත්සාහ දරා ඇති බවයි. එම වාර්තා තවදුරටත් පවසා සිටින්නේ ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු මහතාද වෙළෙඳ සාකච්ඡා සඳහා ට්‍රම්ප් හමුවීමට වොෂින්ටනය වෙත පැමිණීමට නියමිත බවය. ට්‍රම්ප් ඉකුත් බදාදා තීරුබදු පැනවීම නිවේදනය කිරීමත් සමග වියට්නාමය පවසා සිටියේ අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 0% දක්වා අඩු…
වාලච්චේන කේණි නගර්, නාවල් අඩි ප්‍රදේශයේදී පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (06) උදෑසන ලද පැමිණිල්ලක් මත වාලච්චේන පොලීසිය සිදුකළ විමර්ශනයක දී හෙළි වී ඇත්තේ සිය පුත්‍රයා විසින් සිදුකළ පහරදීමකින් මෙම කාන්තාව මියගොස් ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 72 හැවිරිදි නාවල් අඩි ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම කාන්තාව සිය පුත්‍රයා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුතා විසින් කොස්සකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ. පහරදීම සිදුකළ බවට සැකකෙරෙන කැඩී ගිය කොස්සක් හා පොල්ලක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 42 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා සඳහන් කළේ, අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව අනෙකුත් පළාත් පාලන ආයතනයන්හි තැපල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවය. මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑල වෙත භාරගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ‘අද දෙරණ’ කළ විමසිමකදී ඔහු කියා සිටියේ, අද පස්වරුවේ හෝ හෙට (08) දිනයේදී අදාළ පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ආරම්භ කරන බවය. මේ අතර, සියලු පළාත් පාලන ආයතනවලට…
දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව බස් සංගම් පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබේ. පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම නිදහස් කිරීම සිදුකර ඇති බව සඳහන් වේ. එමෙන්ම එහිදී ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සහ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව වාර්තා වේ. එහිදී මෝදි මහතා පවසා ඇත්තේ, “අපි ධීවරයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම කාරණයේදී මානුෂීය ප්‍රවේශයකින් ඉදිරියට යා යුතු බවට අපි එකඟ වුණා. ධීවරයින් නිදහස් කිරීම සහ ඔවුන්ගේ බෝට්ටු ආපසු ලබාදීම සම්බන්ධයෙන්ද අවධාරණය කළා.” යනුවෙනි. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සිදුකරන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන්…