Author: LFN

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ වන විට රාජ්‍ය අංශයේ පවතින පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් පළවන අදියර යටතේ නව බඳවා ගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ සඳහා රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත් පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින්…

Read More

දැරණියගල පොලිස් බලප්‍රදේශයේ 112බී පන්දාහා ගම ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. දැරණියගල සිට මාලිබොඩ තලාව ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය මීටර් 50ක පමණ හානි වී ඇතැයි ද වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ කඩා වැටුණු ගල් මාර්ගයේ රැඳී තිබීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවය. නායයෑමෙන් අසල තිබූ නිවසකට හානි සිදුව ඇති අතර, එම නිවසේ සිටි පුද්ගලයෙක් සුළු තුවාල ලබා මේ වනවිට දැරණියගල රෝහලට ඇතුළත් කර ඇත.

Read More

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති අතර, ඒ පිළිබඳව පිළිගැනීමක් ලැබී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

කටුනායක ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. ජුකී මැෂීන් අමතර කොටස් අලෙවි සැලක හිමිකරුට වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරයි.

Read More

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ…

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (08) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Read More

නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ ඊයේ (07) පැවති 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි. තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බවත්, එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය…

Read More

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) එම සැකකරුවන් ගන්දර පොලිස් ස්ථානයට නීතිඥවරු දෙදෙනෙකු සමඟ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙඩික්කරු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මාර්තු 21 වන දින දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින්…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක ඉහළ යාමකි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 මාර්තු මාසය තුළ දී මිලියන 401.9ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බවයි.

Read More

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පැවති මැතිවරණ ජනරැලියකදීය. “භූ දේශපාලනයේ මේ මොහොතේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹිලා තියෙනවා. එය විසඳාගැනීම සඳහා උත්සහා සහ සාකච්ඡාකරමින් සිටිනවා. ඒ වගේම එය විසඳාගැනීම සඳහා ප්‍රයත්න දරන ගමන් එවැනි අභියෝගයකට මුහුණදීලා අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් හදමින් තිබෙනවා. ඒක අපි අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් මේ නිශ්චිත මොහොතේ මතුවෙලා තියෙනවා. එහෙත් අපේ ආර්ථිකය…

Read More