Author: LFN

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය. එම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කළාය. එහිදී පැවති ඡන්ද විමසීමේදි ඒකමතිකව එම යෝජනාව සම්මත විය. විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් යෝජනා කළාය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි. 2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. Most

Read More

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත. දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධය කොට්ඨාසය පවසයි. ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මහජන සහයෝගය ඉතා අත්‍යවශ්‍ය වූවක් බවත් රටට අනන්‍ය ආරක්ෂක සැලැස්මක් තුලින් මහජනයා ආරක්ෂා කිරීම සඳහා අපරාධ පාලනය හා කළමනාකරණය ඔස්සේ සමාජ සංහිදියාව පෝෂණය කිරීමේ ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙවරට මහජනයාගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්…

Read More

පැල්මඩුල්ල, බුලත්වැල්ගොඩ ප්‍රදේශයේදී පස් කණ්ඩියකට යටවී පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඊයේ (08) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, පුටුහපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි. ගොඩනැගිල්ලක පසු පස බැම්මක් ඉදිකිරීමට පැමිණි පෙදරේරුවෙකු මෙලෙස පස් කණ්ඩියට යටවී මියගොස් ඇති බවටත්, තුවාලකරු එම ගොඩනැගිල්ලේ හිමිකරු බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. තුවාලකරු කහවත්ත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

Read More

දිවයිනේ පැසැල් රැසක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලන් මහතා සඳහන් කළේ, මේ සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජයට කිසිදු වැඩපිළිවලක් නොමැති බවය. “රජය දිගින් දිගටම කියනවා 30,000ක ගුරු හිඟයක් තියෙනවා කියලා. මේක පුරවන්න වැඩපිළිවෙලක් නෑ. මේ වෙද්දි කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා උසස් පෙළ ගුරු හිඟයක් තියෙනවා. ඉන්න ගුරුවරුන්ට දැන් බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා දරාගන්න බැරි කාලසටහන් ප්‍රමාණයක් ඔවුන්ට ලැබිලා තියෙනවා. උසස් පෙළ සඳහා අවශ්‍ය වෙන්නේ විද්‍යාව, ගණිතය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරීන් අවශ්‍යයයි. IT ගුරුවරු අවශ්‍යයි. ඔවුන්ව බඳවා ගන්න කිසිම වැඩපිළිවෙලක් නෑ.…

Read More

අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මඟින්ය. නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කර ඒවා ප්‍රචාරය කරන බවට තර්ජනය කරමින් රුපියල් 222,000/= මුදලක් බලෙන් ලබාගැනීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුව කොළඹදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ ජනවාරි 08 වන දින වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුවය. අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර පසුගිය ජනවාරි 07 වන…

Read More

චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට පැනවූ තීරු බදු ලොව පුරා දැඩි අවධානයට ලක්විය. එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.…

Read More

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ග බාධකයේ ගැටීමෙක් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ රස්නායකපුර පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි පුද්ලයෙකු වන අතර කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය. අනතුර සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරු බීමත්ව සිට ඇති බවය.

Read More

අද (09) දිනයේ දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි. සබරගමුව, දකුණු, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…

Read More

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (08) දහවල් නියම කර තිබුණි. වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන ගැනුණි.

Read More