Author: LFN

උප්පැන්න සහතික, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදුකළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (10) අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියම කළේය. ඒ අනුව ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 35කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙසත් අධිකරණය විසින් නියම කර තිබේ. අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළහ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු…

Read More

‍පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 128ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මුලස්ථානය සඳහන් කළේ ඊයේ (09) දිනයේ ද අපරාධමය පැමිණිලි දෙකක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 3ක් ලැබී ඇති බවය. එම සිදුවීම් වලට අදාළව දේශපාලන පක්ෂ ආධාරකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව මාර්තු මස 03වනදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 128ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 13 දෙනෙකු සහ ආධාරකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 11ක්…

Read More

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර ඇති බව වාර්තා වේ. අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ.

Read More

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් – පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ මහජනතාවගේ දැඩි ඉල්ලීම මත බව වාර්තා විය. මෙම මාර්ගය අධි ආරක්ෂක කලාපයක් සහ යුද හමුදා නිල නිවාස හරහා දිවෙන බැවින් ආරක්ෂක හේතුන් මත නීතිරීති මාලාවක් යටතේ මහජනතාවට විවෘත කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙම මාර්ගය මහජනතාවට විවෘත වන්නේ උදෑසන 6 සිට සවස 5 දක්වා පමණි. මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගීන් සහ රියදුරන් අවශ්‍ය වූ ඕනෑම මොහොතක දී සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සුදානමින් සිටිය යුතුය. අදාළ මාර්ගයේ කිසිවිටෙකත් පයින් ගමන් කිරීම හෝ පාපැදියෙන් ගමන්…

Read More

පොලීසියට අදාළව වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු ලබාදෙමිනි. එමෙන්ම දැනටමත් ඊට අදාළ කෙටුම්පතක් වැඩබලන පොලිස්පතිවරයා විසින් සකස් කර ඇතැයි ද ආනන්ද විජේපාල මහතා පැවසීය. මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර 2026 වසරේ දී අයවැය යෝජනාවලට අදාළ වැටුප් ව්‍යුහය ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බව ද ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය. පොලිස් සේවයේ ඇති විශාල ගැටලු ප්‍රමාණයක් වි සඳාගැනීමට රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. දේශපාලනීකරණය වී…

Read More

‘චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙයි. වෛද්‍යවරු පවසන්නේ, මේ දිනවල මදුරු ගහණයේ වැඩිවීමක් පවතින හෙයින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීමෙන් ”චිකුන්ගුන්යා” රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවය. ලොව රටවල් 115ක පමණ ව්‍යාප්ත වී ඇති ”චිකුන්ගුන්යා” රෝගය මේ වනවිට ශ්‍රී ලංකාව තුළද පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ වනවිට මෙරටින් ‘චිකුන්ගුන්යා’ රෝගීන් 190ක් වාර්තා වී ඇති අතර ඉන් 65ක් ‘චිකුන්ගුන්යා’ රෝගීන් බවට සායනිකව තහවුරු වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මේ අතර ඩෙංගු යළි හිස ඔසවමින් පවතින පසුබිමක අද වන විට…

Read More

2021 වසරට පසු වසර 04කින් බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වීමත් සමගය. ඒ අනුව බොරතෙල් බැරලයක මිල 6.68% කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 55.60 දක්වා පහත වැටි ඇති බවය. එක් අවස්ථාවක දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 58.84 දක්වා පහත වැටි ඇති අතර එය 6.34% ක පහත වැටීමක් බවද සඳහන් වේ. ලෝකය කොවිඩ් වසංගතයට මුහුණ දුන් 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට බොරතෙල් බැරලයක…

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. කෙසේ නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා තිබේ. ඊයේ (9) සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණි. ඊට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි. ඒ අනුව චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස අමෙරිකාව යළිත් වරක් මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා තිබේ.

Read More

උරගස්මංහන්දිය, බෙලිගස්වේල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 4 වනදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. වෙඩි තැබීම සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ලද තොරතුරක් මත බෙලිගස්වේල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඊයේ (09) සවස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 46 ක් වන දික්කැලේ, බෙලිගස්වේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි. එම ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය. විශේෂයෙන් ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන තිබේ. මීට අමතරව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා රථ වාහන රාජකාරී නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ අතර උත්සව සමයේ සිදුකළ විශේෂ වැටලීම්වල දී අවුරුදු සේල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 36 දෙනෙකුට එරෙහිව නිතිමිය ක්‍රියාමාර්ග…

Read More