Author: LFN
වාලච්චේන, මන්නන්කර්ති ප්‍රදේශයේ ළිඳකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (09) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් වූ මන්නන්කර්ති, කාවත්තමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වීමට නියමිතව තිබේ. දින දෙකකින් සමන්විත අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අදාළ කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු මස 14 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය. කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙවන දිනයේ විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද දිනයේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස 08 වන දින තෙක් කල් තැබීමට නියමිතය.
බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දකුණු, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් සහ අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…
අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වන විට ලබා දී ඇති බවත්, නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පැවති “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය…
පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය. අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබේ. නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුව සමුළුවට සහභාගීවී සිටින අතරතුරදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක්ද සිදුකර කර තිබුණි. “භාරතයේ පිබිදීම” සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව මෙරට සංවර්ධන ව්‍යාපෘති දේශපාලන හේතූන් මත කල්යෑම බවය. උදාහරණයක් ලෙස 2015 වසරේදී සාම්පූර් බලාගාරය ආරම්භවීමට නියමිතව තිබුණ ද එය කල්යෑමේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති අර්බුදය ඇතිවූ බව ඔහු සඳහන් කළේය. 2022දී ඇතිවූ මෙම බලශක්ති අර්බුදය පසුව මූල්‍ය අර්බුදයක් බවට පත්වූ බව මන්ත්‍රීවරයා…
සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීම කොළඹදී අද (09) සිදුකෙරුණි. එම ජාතික සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පිළිගන්වනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති , හිටපු අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා විසින්ය.
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන පියවර සාකච්ඡා කළ රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 දෙසැම්බර් 31 වන දා දක්වා මෙම සහනය හිමිවනු ඇත. මේ අතර, රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබා දුන් අතර, රුපියල් මිලියන 50 ඉක්මවන අයට ආධාර ලබා ගැනීම සඳහා 2025 ජුනි 30 දක්වා අවසාන දින දීර්ඝ කිරීමක් ලැබුණි. මෙම ප්‍රතිලාභ 2025 මාර්තු 31 වන දිනට පෙර…
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසයි. එම අයදුම්පත් අද (09) සිට අප්‍රේල් 30 දක්වා http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ යොමු කළ හැකිය. උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි. ඒ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබා ගත හැකය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වේ.