Author: LFN
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඉන්දීය ජාතිකයන් මීට මාස 03කට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් 17 දෙනෙකු පැමිණ ඇත්තේ සංචාරක වීසා මතය. සෙසු පිරිසෙන් 4 දෙනෙකු නේවාසික වීසා බලපත්‍ර යටතේ ද, එක් අයෙකු ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ ද මෙරටට පැමිණ ඇත. සැකකටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් හදිසියේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම පිරිස…
භූ කම්පනයක් හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පිරිනැමීය. පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය. එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල යොමු කිරීම පිළිබඳවද ස්තූතිය පළ කළ තානාපතිවරිය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය…
අද (11) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත්කළ නිවේදනයට අනුව අනුරාධපුරය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වැඩිදුරටත් පැවසීය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ අවස්ථාවක් ඇත. තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට…
කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ. ඒ අදාළ තරුණිය මහවැලි ගඟට වැටී ඇති බවට ප්‍රදේශවාසීන් විසින් අදාළ නිලධාරියාට සිදුකළ දැනුම්දීමෙන් අනතුරුවය. මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. එම තරුණිය මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීම ඊයේ (10) දහවල් කාලයේදී සිදුවී තිබූ බවය.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කෙරෙන බවය. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා අද රාත්‍රී 7.30ට විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඊට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව බලා එක් දුම්රියක් පැමිණීමට නියමිතය. මීට අමතරව කොළඹ කොටුව සිට ගාල්ල දක්වා අද රාත්‍රී 7.20ට විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඊට සමගාමීව ගාල්ලේ සිට කොළඹ කොටුවට බලා දුම්රියක් පැමිණීමට නියමිතය. මීට අමතරව අද පෙරවරුවේදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රියක්…
අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (10) දහවල් මෙම අනතුර සිදුව ඇත. මියගිය පුද්ගලයන්ගෙන් නියමුවා හැරෙන්න සෙසු 5 දෙනාම ස්පාඤ්ඤයේ සිට පැමිණි එකම පවුලේ සංචාරකයන් පිරිසක් බව බලධාරීන් පවසයි. මියගිය අය අතර ළමුන් තිදෙනෙක්ද සිටියි. අදාළ අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නිව්යෝර්ක් පොලිස් කොමසාරිස්වරිය පවසා ඇත්තේ මියගිය ඥාතීන්ගේ පවුල්වලට දැනුම් දෙන තුරු වින්දිතයින්ගේ අනන්‍යතා හෙළි නොකරන බවයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊයේ (10) උදෑසන කාලයේ බියගම පොලිස් වසමේ ආයෝජන කලාප ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ය. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ එහිදී ගෙවල් බිඳ දේපොළ සොරකම් කිරීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු සොරකම් කරන ලද දේපොළ සමග අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී බියගම, කිරිබත්ගොඩ, කඩුවෙල, වැලිවේරිය හා අවිස්සාවේල්ල පොලිස් වසම්වල ගෙවල් බිඳ දේපොළ සොරකම් රැසක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත. සොරකම් කරන ලද රූපවාහිනී යන්ත්‍ර 02ක්, පරිගණක යන්ත්‍රයක්, උණු කරන ලද රත්තරන්…
අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ. යතුරුපැදියක් සමග සැකකටයුතු පුද්ගලයෙක් රැඳීසිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් තිබෙන අතර එහිදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇපමත මුදාහැර තිබේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඒ මහතා අත්අඩංගුවට පත්විය. කෙසේ නමුත් ඒ මහතා දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි අතර, ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණි. පසුව තෙන්නකෝන් මහතා මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවිය. ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඒ මහතා අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබුණි. ඒ…
රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ. රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay ඇප් එක හරහා මෙම ගෙවීම් සිදුකළ හැකිය. කුරුණෑගල සිට අනුරාධපුර දක්වා මාර්ගයේ ස්ථාන 11කදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව මේ මස 30 වනදා දක්වා එය ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අද දෙරණ ට සඳහන් කළේය. රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම හඳුන්වාදීම පසුගිය පෙබරවාරි 7 වනදා සිදුකළේය.