Author: LFN

නීතිවිරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඩුබායි සිට පැමිණි සැකකරු විසින් දුම්වැටි 15,000ක් අඩංගු දුම්වැටි කාටූන් 75ක් සඟවාගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගවට ගෙන ඇත. රේගු නිලධාරීන් පැවසුවේ සිය භාරයට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසකට ආසන්න වන බවය. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ෂන ගුවන්තොටුපොළ රේගු නිලදාරීන් විසින් සිදුකරනු ඇත.

Read More

මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවාසක ඊයේ (11) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. නිවැසියන් විසින් නිවසේ ඇතුළත දල්වා තිබූ පහනක් පෙරලී මෙම ගින්න හටගෙන ඇතැයි වාර්තා වේ. පසුව වහා ක්‍රියාත්මක වූ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ගින්නෙන් නිවසට දැඩි ලෙස හානි සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අළුත්ගම පොලිස් වසමේ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 42ක් වූ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඝානයයෙන් පසු මරණකාරියගේ සැමියා ඝාතනයට ලක් කිරීමට යොදා ගත් ආයුධය සමගින් පොලීසියට පැමිණ භාර වී ඇති බව පොලීසිය පවසයි. පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය විසින් සිදුකරනු ලැබූ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45ක් වූ කුරුඳුවත්ත, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධව අළුත්ම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

Read More

අද (12) මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.…

Read More

ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී ඇත. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකදීය. චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ ඇත්තේද අදවන් පොහොය දිනයක වීම විශේෂත්වයක්ය. එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය. චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට කටයුතු කිරීමෙන් දුෂණයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී. ඊට අදාළව ඊයේ (10) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබුණු අතර, එමඟින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු…

Read More

‘සහස්දනවි’ විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත්කරමින් විදුලිබල මණ්ඩලය පවසා සිටියේ, මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන බවයි. ඒ අනුව වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බවත් මෙහි දැක්වේ. ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම අනුමතකළ මෙගාවොට් 350ක මෙම සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය පවසයි. එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන් මාස 30ක් ඇතුළත…

Read More

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ මහතා ප්‍රමුඛ IMF නිලධාරී කණ්ඩායම සිය ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින් මේ බව පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා මෙම කණ්ඩායම ඉකුත් 3වනදා සිට මෙරට සංචාරයක නිරත විය. ඒ අනුව සිය දූත මෙහෙය අවසන් කරමින් නියෝජිත කණ්ඩායම මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියේ, මෑත කාලීන බාහිර කම්පනයන් සහ දිනෙන් දින…

Read More

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය. එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය ගෙන තිබේ. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය අප්‍රේල් 9වනදා පැවැත් වූ අතර, එහි කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන එක්විය. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු 1වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.

Read More