Author: LFN

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවය. “තීරු බදු වැඩිවෙන්න වැඩිවෙන්න භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාවත් අඩුවෙනවා. ඒ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕනේ. මේක නතර කරන්න බැහැ ඒක ක්‍රියාත්මක වෙනවා. මේකේ එක බලපෑමක් තමයි රැකියා නැතිවීම. බොහෝ දෙනෙක් ලක්ෂය කියලා කියන්නේ. ලක්ෂයක් වුණත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාල වෙන්න යනවා. ඒ වගේම ඒකට සම්බන්ධ අනෙක් අය… බෝඩින් කාමර…

Read More

‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. මාධ්‍ය කළ විමසීමක දී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මාදුපානි පියසේන මහත්මිය මේ බව පැවසුවාය. ‘සිරි දළදා වන්දනාව’ අප්‍රේල් මස 18වනදා සිට 27වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. වසාතැබෙන පාසල් එක් එක් කලාප අනුව මහනුවර අධ්‍යාපන කලාපය ගුරුදෙණිය මහා විද්‍යාලය විද්‍යාලෝක විද්‍යාලය, තැන්නෙකුඹුර ධර්මරාජ විද්‍යාලය ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය මහාමයා බාලිකා විද්‍යාලය බෙරවට්ස්…

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම තත්ත්වය තුළ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි ඊයේ (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙසින් වාර්තා වී ඇත. එමෙන්ම S&P SL20 දර්ශකය ඒකක 29.95කින් ඉහළ ගොස් ඒකක 4,644.49 ක් ලෙසින් සටහන්ව තිබුණි. මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වුවද ඊයේ දිනයේ දී ගනුදෙනු පිරිවැටුම පසුගිය දින කිහිපය හා සැසඳීමේ දී ඉතා පහළ මට්ටමක පැවතිණි. ඒ අනුව ඊයේ දින ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. මිලියන 792ක් ලෙසිනි. එහිදී දේශීය මිලදී ගැනීම් රු. මිලියන 781ක් හා දේශීය විකිණුම් රු. මිලියන 730ක් ලෙසින් සටහන්ව තිබුණි. විදේශීය මිලදී…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල…

Read More

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබේ. සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේය. “සිරි දළදා වන්දනාව” සඳහා සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා තිබේ. මේ අතර සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දිස්ත්‍රික්…

Read More

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවය. ඒ සඳහා නැවුම් කිරි අවම වශයෙන් සියයට 50ක් අඩංගු විය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය…

Read More

ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි. එම අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාට ඉන් හානියක් සිදුවී නොමැත. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අවිශ්ක මල්ලි නැමැත්තාගේ පුංචිඅම්මාගේ පුත්‍රයා මෙලෙස වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවට පොලීසිය සැක කරයි. ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකරන බවත්, ඉලක්ක වූ පුද්ගලයාට කිසිඳු අපරාධ චෝදනාවක් නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය විසින් වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අද (16) සිට කෙටි පණිවුඩයක් (SMS) ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3 දක්වා සූර්ය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බවය. පසුගිය අභියෝගාත්මක දින කිහිපය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ලංකා විදුලිබල මණ්ඩලය ස්තූතිය පිරිනමන බවද එහි තවදුරටත් දැක්වෙයි.

Read More

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන තිබේ. 2028 වසරේ දී අමෙරිකාවේ සත්කාරකත්වය යටතේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත. සෑම කණ්ඩායමකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන්කර ඇති අතර, ඒ අනුව සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත. ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14වනදා ආරම්භවන අතර, එය ජූලි 30වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාව විස්සයි20…

Read More