Author: LFN

බෙරගල – වැල්ලවාය මාර්ගයේ විහාරගල ප්‍රදේශයේදී (184km) පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි දැනුම්දී ඇත. විකල්ප මාර්ග ලෙස ඇල්ල – වැල්ලවාය මාර්ගය භාවිත කළ හැකි බවද බදුල්ල දිස්ත්‍රික් බලධාරීන් පැවසීය. අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ අද (19) අලුයම මෙම සිදුවීම වාර්තාවූ බවත් පස් කඩාවැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවත්ය. අවහිරවී තිබෙන මාර්ගයේ පස් ඉවත් කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බවත් හැකි ඉක්මණින් එම කටයුතු සිදුකරන බවත් බලධාරීන් පැවසීය.

Read More

සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබේ. දළදා වන්දනාව අද දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතය. ඒ අනුව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳීසිටින අයුරු දැකගත හැකිය. සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක මෙලෙස ජනතාව පෝලිම් ගැසී රැඳීසිටී. ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතී. මේ අතර සිරි දළදා වන්දනාව සඳහා…

Read More

අනියම් පෙමක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයෙකු කපාකොටා ඔහුගේ වටිනා යතුරුපැදියට ගිනිතැබූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලීසියවෙත භාර වී ඇත. තුවාල ලැබූ පුද්ගලයා හැටන්, කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. ඔහු එම ප්‍රදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට පමණ පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇත. ඒ අතරවාරයේ ඔහු කොටගල ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ. ඒ හේතුවෙන් නීත්‍යානුකූල බිරිඳ ඊට විරුද්ධ වූ අවස්ථාවකදී අදාළ පුද්ගලයා අලවංගුවකින් හිසට පහර දී තුවාල සිදුකර ඇත. කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසු ඔවුනොවුන් සමාදානකිරිම සඳහා ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලීසියට නීත්‍යානුකූල බිරිද, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ සැමියා කැදවා තිබේ. එහිදී සැමියා විසින් සිය…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු ආරම්භ වූ දින සිටි මේ දක්වා කාලය තුළ කිසිඳු බරපතළ තත්ත්වයක් වාර්තාවී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත පැෆ්රල් සංවිධානය පවසයි. කෙසේවෙතත් රාජ්‍ය දේපොළ අවභාවිතය සහ පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවද එම සංවිධානය පැවසීය. රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 20ක් සහ පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි 15ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කළේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින් උනන්දුව ද අඩු මට්ටමක පවතින බව තම නිරීක්ෂකයින් දැනුම්දී ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද දෙරණ සමග පැවසීය. මේ අතර පළාත් පලාන ආයතන ඡන්ද…

Read More

“සිරි දළදා වන්දනාව” විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. අද (18) දිනයේ සිට එළැඹෙන 27 වැනි දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ සඳහා සහභාගී වන සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබේ. මේ අනුව විශේෂ රාජකාරි යෙදි සිටින නිලධාරීන්ට තම සේවා ස්ථානයෙන් බැහැරව…

Read More

අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර තිබේ. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙයි. වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. ඔහුගේ ඉන ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර 28 හැවිරිදි ලක්ෂාන් මධුෂංක නමැති අයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබේ. පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. මේ අතර මධ්‍යම, සබරගමුව, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම්…

Read More

ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද (18) සමරනු ලබයි. ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතරවීමද සිදුවේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය. පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම්…

Read More

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබී ඇත. ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන ඇත. කෙසේ නමුත් ශානකට ටයිටන්ස් කණ්ඩායම අලුත් අත්දැකීමක් නොවන අතර, ඔහු මීට පෙර 2023 වසරේදී එවක නායකත්වය දැරූ හාර්ඩික් පාන්ද්‍යා යටතේ ද මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී පසුපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදී එම තරග තුනේදී ශානක ලකුණු 26ක් ලබාගත්තේය. කෙසේ නමුත් එහිදී පන්දු යැවීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20…

Read More

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබේ. එම සැකකරු ඉකුත් 12 වනදා අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව සැකකරු රඳවා තබාගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත ඊයේ (17) දින මෙම ජීවඋණ්ඩ සහ තියුණු ආයුධය සොයාගෙන ඇත. සැකකරු වයස අවුරුදු 25ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More