Author: LFN

බැංකොක් සිට මෙරටට පැමිණි කාන්තාවන් තිදෙනෙකු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවය. සැකකාරියන් සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 248ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. සැකකාරියන් 25, 48 සහ 50යන වයස්වල පසුවන මාලිගාවත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

Read More

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව පැවසීය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් මෙම සිද්ධියට සම්බන්ධ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

Read More

සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය. තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විනාඩි 2.14.25ක කාලයක් වාර්තා කළහ. මෙය ශ්‍රී ලංකා නව යොවුන් වාර්තාවක් ලෙසද සටහන් විය. මෙහි රන් පදක්කම විනාඩි 2.11.11කින් තරගය අවසන් කළ චීනය විසින් දිනාගත්තේය. විනාඩි 2.15.00කින් සිය ඉසව්ව අවසන් කළ තායිලන්තයට මෙහි ලෝකඩ පදක්කම හිමිවිය. ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සිව් දිනක් පුරා කටීෆ් හි පැවති මෙම තරගාවලිය ඊයේ (18) අවසන් විය. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගැනීමට සමත්විය.…

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පුතෙකු විසින් පියා ඝාතනය කර තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්‍රී කාලයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය. ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 54ක් වූ අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා ඔහුගේ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් මරණකරුගේ හිසට පහරදී ඇති අතර එම පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇත. මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදුකළ වයස අවුරුදු 20ක් වන මරණකරුගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ තමා සහ සිය දියණිය සම්බන්ධව සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් සම්බන්ධවය. අදාළ ව්‍යාජ පුවත මගින් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියගේ ඡායාරූප භාවිත කර කොළඹ ප්‍රසිද්ධ හෝටලක සිය දියණියගේ උපන් දිනය පවත්වා ඇති බවත් ඊට අදාළ දැඩි අපහාසාත්මක සහ ද්වේශ සහගත කරුණු එම සටහනේ දක්වා ඇති බවත් දක්වා තිබුණි. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ උපන් දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වැනි දින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර…

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවය.

Read More

සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි. එම සංගමය පැවසුවේ ව පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින් පසුවන බවත් දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 50කට ආසන්න සංඛයාවක් මේ අනුව සේවයේ යොදවා ඇති බවය.

Read More

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන් ය. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Read More

මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු ඊයේ (18) රාත්‍රී 7ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. ඒ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත. එමෙන්ම වෙඩිතැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 38ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක්ය. මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇත. සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩිතැබීම…

Read More

මතුගම, දොලහේන ප්‍රදේශයේ දී ඊයේ (18) දහවල් තරුණියක ගෙල කපා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 33ක් වූ මර්වින් සමරනායක මාවත, අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බව මතුගම පොලීසිය පවසයි. මෘත ශරීරයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ද ලැබී ඇත. විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ඒ අනුව සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More