Author: LFN
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරන බව ද ඒ මහතා කිවේය. දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ සැදැහැවතුන්ට සහන සැලසීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (20) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි. ඒ අනුව නගරයට පැමිණෙන සැදැහැවතුන්ට ආහාර ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ඒ සඳහා ලබා ගන්නා බවත් ඒ මහතා පවසයි.…
මධ්‍යම පළාතේ සහ කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට අද (21) දිනයේ සෙසු සියළුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර යන පළාත්වල මෙන්ම රත්නපුර හා මොණරාගල යන දිස්‍ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45 ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි. මෙම තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම ආදිය සිදුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී සිටියි.
පාස්කු ඉරිදා සිදුවීම් ත්‍රස්තවාදී ක්‍රියාවන් පමණක් නොව, ඉස්ලාමයට අපකීර්තියක් ගෙනඒම සහ මුස්ලිම් ප්‍රජාව අපකීර්තියට පත්කිරීම සහ කොන්කිරීම අරමුණු කරගත් පුළුල් කුමන්ත්‍රණයක කොටසක් බව මුස්ලිම් සංවිධාන පවසයි. 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 6ක් සම්පූර්ණවීම වෙනුවෙන් මුස්ලිම් සංවිධාන විසින් ඊයේ (20) නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ මේ බව දැක්වේ. එම ප්‍රකාශයේ ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ චෝදනාවක් හෝ වරදකරුවෙකු නොමැතිව මුස්ලිම් පුද්ගලයින් දිගු කලක් රඳවා තබා ගැනීම ගැන කනගාටුවන බවයි. එනිසා සියලු පරීක්ෂණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විනිවිද පෙනෙන සහ විශ්වාසදායක නිගමනයකට ගෙන එන ලෙස ඔවුන් වත්මන් රජයෙන් ඉල්ලා සිටියි. අදාළ ඒකාබද්ධ ප්‍රකාශය පහතින්, 2019…
මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයාගත් බව අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. ඕලෝ (OLO) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයා ගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි විතානයට ලේස්ර් ආලෝකය ඇතුළු කරමින් කැලිෆෝනියාහි විද්‍යාඥයින් පිරිසක් කළ පර්යේෂණයකදීයි. මෙය වර්ණ අන්ධතාව සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා යොදාගත හැකි සොයාගැනීමක් බව විද්‍යාඥ මතයයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 162ක් ලැබී තිබේ. එම කොමිෂන් සභාවේ ජාතික හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත මෙම පැමිණිලි ලැබී ඇත. කෙසේ නමුත් ඉහත පැමිණිලි අතරින් ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත. මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 1,874ක් ලැබී තිබේ. ඉන් පැමිණිලි 1607ක්ම මේ වනවිට විසඳා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත…
නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පොළොන්නරුවේදී අද (20) පැවැති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මේ සඳහා ගබඩා ප්‍රතිසංස්කරණය කළ බවත් වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500ක් ද වෙන් කළ බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “අපි ලෑස්ති වුණා, ගබඩා මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ගබඩා අපි ප්‍රතිසංස්කරණය කළා. මිලදී ගන්න වැඩපිළිවෙළ හැදුවා, ඒ කඩා වැටුණු ගබඩා ප්‍රතිසංස්කරණය කරන්න සල්ලි වෙන් කළා. ආරම්භක පියවරක් හැටියට වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට කෝටි 500ක් දුන්නා, සතොස තවත් වී මිලදී ගන්න සැලැස්ම හැදුවා.…
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි. ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය. විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය. එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා…
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපය සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ මෙම දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාර් තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය. එසේ තිබියදී සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක්ද එසේ නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක්ද යන බව අනාවරණය කර ගැනීම සඳහා විමර්ෂනයක් ආරම්භ කර ඇති බවය. ඒ අනුව…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. ඒ ජනාධිපතිවරයා විසින් සිදුකළ නියෝගයකට අනුවය. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.