Author: LFN

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය. ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය. මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය. ඩෙංගු…

Read More

නීති විරෝධිව මෙරටට රැගෙන ආ කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි. ඔහු විසින් රැගෙන එන ලද කොකෙන් තොගය කිලෝ 04 ග්‍රෑම් 855ක් වන අතර එහි එහි වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වන බවද රේගු නිලධාරීන් පවසයි. අදාළ කොකෙන් තොගය රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු විසින් ඒවා කාඩ්බෝඩ් මත අලවා ඒ මත කලු පැහැති කඩදාසිද අලවා කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07ක් තුළ අසුරා පසුව ඒවා ගමන් මල්ලෙහි අසුරා තිබූ බව රේගු නිලධාරීන් පවසයි. රේගු මත්ද්‍රව්‍ය…

Read More

‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණිමේදී විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙස යුද්ධ හමුදා මුලස්ථානය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පෙර දැනුම්දීම් සිදුකළ ද ඒ පිලිබඳව නිසි අවධානයක් යොමුව නොමැති බවට නිරික්ෂණය වන බව ඔවුන් සඳහන් කළේය. සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදුකරන බව යුද්ධ හමුදා මුලස්ථානය පැවසීය. සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දළදා මාළිගය අවට පරිශ්‍රයේ විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බව යුද්ධ හමුදා මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

T 56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට එම බළකාය සමත්ව තිබේ. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටි බවය.

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා “පාස්කු සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කර තිබේ. රුසියානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි රුසියානු ජනාධිපතිවරයා විසින් සටන් විරාම කාලය තුළ යුක්‍රේනයට එරෙහි සියලු හමුදා ක්‍රියාමාර්ග නතර කරන ලෙස ද එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇතැයිද සඳහන් වේ. එමෙන්ම මෙම සටන් විරාමට යුක්‍රේනය අනුගමනය කරනු ඇතැයි තමන් උපකල්පනය කරන බවත් නමුත් සිදුවිය හැකි ඕනෑම සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීමක් මැඩපැවැත්වීම සඳහා රුසියාව සූදානම් බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්දව විදේස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයාගේ මෙම පාස්කු සටන් විරාමය යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි විසින් පිළිගෙන ඇත්දැයි තවමත්…

Read More

පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 121ක් වාර්තා වී ඇත. ඉන් පැමිණිලි 95ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර පැමිණිලි 26ක් වෙනත් සිදුවීම් සම්බන්ධ පැමිණිලි බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ. මේ අතර පසුගිය මාර්තු මස 20 වැනිදා සිට පසුගිය (18) දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 1,712ක් ලෙස වාර්තා වී තිබේ. ඉන් පැමිණිලි 1,577ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර වෙනත් පැමිණිලි 126ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 09ක් ලෙසත්…

Read More

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුය පැවසුවේ ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් වේ. එමෙන්ම මධ්‍යම, සබරගමුව, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

Read More

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ”සිරි දළදා වන්දනාවේ” තෙවැනි දිනය අදට (20) යෙදී තිබේ. ඒ අනුව අද මධ්‍යහන 12.30ට සිරි දළදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව ඇති අතර එය පස්වරු 05.00 දක්වා පැවැත්වීමට දළදා මාලිගාව විසින් සියලු කටයුතු සූදානම් කර තිබේ. “සිරි දළදා වන්දනාව” එළැඹෙන 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට නියමිතව ඇති අතර එහි සමාරම්භක අවස්ථාව පසුගිය 18 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ආරම්භක දිනයේ සිට මේ දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන්…

Read More

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලැබේ. ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වේ. බයිබලයේ සඳහන් වන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවය. අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍යය…

Read More

ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත. තලවකැලේ ප්‍රදේශයේ අද (19) පැවති ජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා තිබේ.

Read More