Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුංචි ඡන්දයේ මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි
    Featured

    පුංචි ඡන්දයේ මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි

    By LFNApril 20, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 121ක් වාර්තා වී ඇත.

    ඉන් පැමිණිලි 95ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර පැමිණිලි 26ක් වෙනත් සිදුවීම් සම්බන්ධ පැමිණිලි බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

    මේ අතර පසුගිය මාර්තු මස 20 වැනිදා සිට පසුගිය (18) දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 1,712ක් ලෙස වාර්තා වී තිබේ.

    ඉන් පැමිණිලි 1,577ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර වෙනත් පැමිණිලි 126ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 09ක් ලෙසත් වාර්තා වී ඇත.

    ලද පැමිණිලි සංඛ්‍යාවෙන් මේ වන විට පැමිණිලි 1,506ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 206ක් විසඳමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ

    මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරිම ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 20 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    පොලීසිය පැවසුවේ මීට අමතරව දේශපාලන පක්ෂ ආධාරකරුවන් 68 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවය.

    පසුගිය මාර්තු මස 03 වනදා සිට පසුගිය (18) දිනය දක්වා වු කාලය තුළ පළාත් පාලන මැතිවරණයට අදාලව දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි 198 කට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    අදාළ පැමිණිලි අතර අපරාධමය පැමිණිලි 44 ක් වන බවද පොලිසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.