Author: LFN

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ. මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදුන් බව වාර්තාවේ ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Read More

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය. ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (21) රැස්වන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. මාධ්‍ය කළ විමසිමකදී ඔහු සඳහන් කළේ අද පෙරවරු 10න් පසු කොමිසම රැස්වන බවය. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ. පළාත් පාලන ඡන්ද විමසිමේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටලු හා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීම සඳහා මෙලෙස කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය. අදාළ පළාත් පාලන ආයතනයේ බලයලත් නියෝජිතයින් පත්කරගන්නා ආකාරය, ඡන්දය නිරීක්ෂණය කරනු…

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ. බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (21) එම නියෝගය ලබා දී ඇත.

Read More

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතය. 2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07 වන දක්වා පැවැත්වේ. තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 17 වන දා දක්වා පැවැත්වේ. තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක් සපිරේ. 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය. මීට අමතර දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයකද පිපිරීම් වාර්තා වුණි. එම ප්‍රහාරවලින් පුද්ගලයින් 270ට අධික පිරිසක් මරණයට පත් වූ අතර තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය. මෙම ප්‍රහාරයට වසර 6ක් ගත වීම නිමිත්තෙන් මියගිය පිරිස් සිහිකිරිමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා පිහිටි කිතුනු දේවස්ථාන කේන්ද්‍රකර ගනිමින් අද දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන්ය. එහි ප්‍රධාන…

Read More

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබේ. අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කළේ පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින 10තුළ පමණක් මෙම අදායම ලබාගත් බවය. එම කාළය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවද ඔහු පවසයි. “මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා දින 10ක් ඇතුළත අධිවේගි මාර්ගවල වාහන මිලියන 1.3ක් ගමන් කර තිබෙනවා. එයින් ආදායම රුපියල් මිලියන 462ක් හිමි වී තිබෙනවා. අද දිනයේත් වාහන විශාල ප්‍රමාණයක් ගම්බිම් බලා ගිය…

Read More

“සිරි දළදා වන්දනාව” සිව්වන දිනය අදයි (21). සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය. තුන්වන දිනයට ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට අධික පිරිසක් වන්දනාමාන කර තිබේ. මේ වනවිටත් අති විශාල සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල සිටින බව “අද දෙරණ” වාර්තාකරු චතුර කොඩිතුවක්කු සඳහන් කළේය. මේ අතර “සිරි දළදා වන්දනාව” සිදුවන කාළය තුළ මහනුවර නගරයේ වෙළෙඳසැල් තුළින් සිදුකරනු ලබන අකටයුතුකම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් නිරන්තරයෙන් කටයුතු කරන බව එහි මාධ්‍ය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි.

Read More

මැයි මස 6වනදා පැවැත්වීමට පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් ඊයේ (20) නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

Read More