Author: LFN

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මෝටර් රථයේ රියදුරු අනතුරින් තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවය. අද (22) උදෑසන 7.15ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ, නල්ලතන්නිය – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බ්‍රිජ් එඩිට් ප්‍රදේශයේදීය. ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇතැයි අනාවරණය වී තිබේ. අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

Read More

දළදා වන්දනාව හේතුවෙන් ආරක්ෂක රාජකාරීවල නිරතව සිටින පොලිස් නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. “දළදා දැක්ම සමගම මේ වනවිට පොලිස් නිලධාරීන් 10,000කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවලා තියෙනවා. ඔවුන්ට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකරනු ලබනවා. මහනුවර උසස් බාලිකා විදුහලේ 24,25,28 සහ 29 යන දිනවල එම දළදා වන්දනාව සඳහා රාජකාරියට පැමිණි තැපැල් ඡන්ද හිමි පොලිස් නිලධාරීන්ගේ ඡන්ද සලකුණු කිරීම සිදුකරනු ලබනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා සියලුම දිස්ත්‍රික්කවලින් පැමිණි නිලධාරීන්ට ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් පොලිස්පතිවරයාට සහ…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000ක ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමටත් සැළසුම් කර ඇති බවත් පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලීසියේ ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන් අතර මාර්ගගතව ඊයේ (21 පැවැති සාකච්ඡාවකදීය. අමාත්‍යවරයා පැවසුවේ මීට අමතරව ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවත් එමගින් පොලිස් නිලධාරීන්ගේ සේවය වඩා කාර්යක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය. එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී…

Read More

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් ඊයේ (21) රැස් විය. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම කමිටුව රැස්ව තිබුණි. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ ද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read More

අලුත් අවුරුදු උත්සවයක් අතරතුර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයාව ඝාතනය කිරීමට සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ සැලසුම් කර තිබී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ. ඒ, ලැබුණු බුද්ධි තොරතුරක් මත ගම්පහ වතුමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවේදී අත්අඩංගුවට ගත් සැකකටයුතු අට දෙනකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. ගම්පහ ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” නමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානමින් සිටි අට දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් අප්‍රෙල් 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අවි ආයුධ සහ වාහන කිහිපයක්ද සමඟින්ය. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඉන් කිහිපදෙනෙකු පොදු සමා කාලය යටතේ යුද හමුදාවෙන්…

Read More

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරව මීළඟ පාප්වහන්සේ පත්කර ගන්න ආකාරය පිළිබඳව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර සිටියේ, ශුද්ධෝත්තම පාප්වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වූ විට වාතිකානය විසින් දින හතරේ සිට දින හයක කාලසීමාවක දක්වා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බවය. එම ශෝක කාලයෙන් අනතුරුව පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදුකරන්නට කටයුතු කරනු ලබන බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා, “සාමාන්‍යයෙන් ශුද්ධෝත්තම පාප්වහන්සේ කෙනෙකු ස්වර්ගස්ථ වුණාම එහි සියලු වැඩ කටයතු සිදුකරනු ලබන්නේ කාදිනල් Camerlengo කියන…. මේක නාමයක්. පාප්වහන්සේ කෙනෙකු ස්වර්ගස්ථ…

Read More

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව සිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස අදාළ කාර්යංශය එම වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. විජලනය වළක්වා ගැනීමට නිතර නිතර ජලය පානය කරන්න. ගෙදරින් ගෙන ආ පිසූ ආහාර ඉක්මනින් ආහාරයට ගන්න. නරක් වී යැයි හැඟේ නම් ආහාරයට ගැනීමෙන් වළකින්න. ඔබ දිනපතා ඖෂධ ගන්නා අයකු නම් ( මීමැස්මොරය, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගයක් සඳහා) එම මාත්‍රාව නියමිත වේලාවට ගන්න. තවත් දින කිහිපයක් සදහා සරිලන සේ වැඩිපුර බෙහෙත් ළඟ තබා ගන්න. ඔබ දිගු කාළීන රෝගයකින්…

Read More

දිවයිනේ බොහෝ අද (22) ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…

Read More

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කිරීමෙන් අනතුරුවය. කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍යවරයයෙකු වූ ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි නොමැත. ඒ අනුව හිටපු අමාත්‍යවරයාද අත්අඩංගුවට ගෙන එළැඹෙන 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහර මහේස්ත්‍රාත්වරය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

Read More