Author: LFN

තමන් ඉගෙනුම ලැබූ පාසලේ වැඩිමහල් ශ්‍රේණියක සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයෙන් කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 07 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් රිදීගම – වෙලෙගෙදර – ෂැකරලි වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල – බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි. පසුගිය 16 වනදා රිදීගම – වෙලෙගෙදර – අංහන්දිය ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වීම සඳහා කුරුණෑගල – බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තිලිණ විරාජ් නැමැති සිසුවා ගොස් තිබේ. තිලිණ යන අතරමග රැකසිටි එම පාසලේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්…

Read More

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි. එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය. එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබේ. කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රී කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පවසයි. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගත් බව වාර්තා විය. මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය. එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් 500 දෙනෙකු පමණ ඊට විරෝධය පළ…

Read More

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය. eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…

Read More

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු පළාත්වල සහ හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටින්න. කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථන වල රැදී සිටීමෙන් වලකින්න. එමෙන්ම රැහැන්…

Read More

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ. ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග පැවසීය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය. එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය, නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා…

Read More

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ. අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය. එහිදී ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත. පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ. පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය. කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන…

Read More

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත යොමුකර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එම ලිපිය තුළින් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම නඩුකරයට පාදක වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය තුළින් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවී ඇති බවය. මේ තුළින් රාජ්‍යයට සිදුවී ඇති පාඩුව සහ මහජනයාට සිදුවූ හානිය යන කරුණු සැලකිල්ලට ගෙන 2018 අංක 9 දරණ විශේෂ පනත…

Read More

‍කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසයි. අදාළ රියදුරන්ගේ නිවෙස් වෙත එම රථ වාහන වැරදි සම්බන්ධයෙන් දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පෙන්වා දෙයි. පසුගිය වසරේ පෙබරවාරි මස පළමුවන දින සිට කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් රථ වාහන වැරදි හඳුනාගැනීමේ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබීය. ඒ අනුව මේ වසරේ අප්‍රේල් මස 20 වනදා දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 4,048 දෙනෙකුට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති…

Read More

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත. “පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි. මෙහි සඳහන් කරුණු කිසිදු නෛතික පදනමක් නොමැති එකිනෙකට නොගැලපෙන වචන භාවිතා කර පසුබිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය,…

Read More