Author: LFN
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30%ක් ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. පසුගිය 16 වනදා තම දෙපාර්තමේන්තුවට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සඳහා භාරදුන් බවද ඔහු සඳහන් කළේය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 14කට වැඩි ප්‍රමාණයක් මෙලෙස භාරදී තිබේ. එළඹෙන 29 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර අප්‍රේල් මස 27 වන ඉරුදින විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවද තැපැල්පතිවරයා සඳහන් කළේය. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන මැයි 6වන දින දක්වා තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත. අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පූර්ණ…
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වූ අතර එය ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි. අද දිනයේ මෙන්ම අප්‍රේල් 25, 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසම සඳහන් කළේය. රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මෙම දින හතර තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වේ. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව…
දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බව සඳහන් කළේය. මෙම ක්‍රියාවලියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්ගේ හා නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 18 වන…
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසයි. අද දිනයේ මෙන්ම අප්‍රේල් 25, 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසම සඳහන් කළේය. රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මෙම දින හතර තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වේ. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු…
සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැක බලා ගැනීමේ අවස්ථාව හෙට (25) දිනයේ හිමිව තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේ, හෙට අලුයම් කාලයේ නැගෙනහිර අහසේ මෙම දුර්ලභ දර්ශනය දැකගත හැකි බවය. මෙය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව ද ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේය. “උදේ 5.30ට විතර නැගෙනහිර අහස දෙස බැලුවහම මේ ග්‍රහ වස්තු තුන ඉතාම ළඟින් දර්ශනය වීමට නියමිතයි. මේක ටිකක් විරල අවස්ථාවක්. මේ වගේ ළංවීමක් පියවි ඇහෙන් දකින එකත් දුර්ලභයි. නැගෙනහිර ක්ෂිතය පැහැදිලිව තියෙන තැනක මේක දර්ශනය වෙනවා.”
පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි. අදාළ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගනිමින් ලෝක ආහාර වැඩසටනේ ආධාර මත පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකය. විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා එකතු කිරීම ද මේ යටතේ සිදුවනු ඇත.
2015 වසරේ කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය. 2015 වසරේ ජූලි මස 29 වනදා කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී ධර්ම රාජා කාර්තිකා නමැති කාන්තාව ඝාතනය කර ඇයගේ මෘත ශරීරය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියෙන් මාවතේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැට්‍රික් ක්‍රිෂණරාජා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට…
වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ, අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය. එහිදී සරත් අබේකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වනවිට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වූ බවය.
වලංගු වීසා බල පත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටීම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩුවල විභාගය ජුලි මස 31 දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි. එහෙත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අද දින නඩු කටයුතුවලට සහභාගී නොවූ බැවින් එම නඩුව අද කැඳවනු ලැබුවේ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේය. එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කළේ අදාළ නඩුව විභාගය සඳහා ජූලි මස 31 වන දක් කැඳවන ලෙසය. වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටීම සහ මෙරට…
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද් නැමත්තා ජීවිතක්ෂයට පත් විය. රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත. මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.