Author: LFN

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (25) පැවති තරගයේදී අතිවිශිෂ්ට උඩපන්දු රැකීමක නිතර වූ කමිඳු මෙන්ඩිස් මේ වනවිට ඉන්දියාව තුළ වැඩි කථාබහකට ලක්ව සිටියි. ඉන්දීය මාධ්‍ය මෙන්ම ක්‍රීඩා විචාරකයන්ද පවසා ඇත්තේ ඔහුගේ මෙම අසාමාන්‍ය දක්ෂතාව නිසැකවම මෙවර තරගවාරයේ මේ දක්වා හොඳම උඩපන්දු රැකගැනීම බවයි. සන්රයිසස් හයිද්‍රබාද් වෙනුවෙන් ක්‍රීඩාකරන කමිඳු, ඩිවාල්ඩ් බ්‍රෙවිස් දවාගැනීම සඳහා මෙම විශ්මයජනක උඩපන්දුව රැකගනු ලැබීය. චෙන්නායිහිදී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට හයිද්‍රබාද් කණ්ඩායම සමත් විය. එහිදී තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක් දැක්වීමට කමිඳු සමත් විය. ඔහු පන්දු යැවීමේදී පන්දුවාර 3ක් යොමුකළ ඔහු ලකුණු 26කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය. එමෙන්ම පන්දුවට…

Read More

කටුනායක හීනටියන ප්‍රදේශයේදී අද (26) අලුයම සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි උදාර චතුරංග නමැති තරුණයෙක් බව පොලීසිය පවසයි. අදාළ තරුණයා අලුයම 5.35ට පමණ තම නිවෙස තුළදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී- 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ. වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා මුදල් පොලියට ලබාදීම සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වා ගෙන යනු ලබන අයෙකු බවද පැවසේ. ඔහු සිය පියා සමග තම නිවසෙහි කාමරයක නිදා සිටියදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ. තුවාල ලැබු තරුණයා මිනුවන්ගොඩ මූලික රෝහලට…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

Read More

මහනුවර සිරි දළදා වන්දනාව අතරතුර රාජකාරියේ නිරත යුද හමුදා පොලීසියේ සෙබෙළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් අදාළ විමර්ශනය ක්‍රියාත්මක කෙරෙන බව එම නිවේදනයේ සඳහන් ය. කෙසේවෙතත් අදාළ හමුදා නිලධාරියා සැදැහැවතුන් අඩුවෙන් රැඳීසිටි පෝලිමකට පිරිසක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී මෙම සිදුවීම ඇතිවී තිබේ. එහිදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා අදාළ හමුදා නිලධාරියාට බැණවැදී ඇති බව සඳහන් වෙයි.

Read More

ඉන්දීය ජම්මු – කාෂ්මීරයේ, පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය මේ වනවිට අවි ගැටුමක් දක්වා තීව්‍ර වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ජම්මු කාෂ්මීරයේ හමුදා පාලන සීමාව ආසන්නයේදී දෙරටේ හමුදා අතර ඊයේ රාත්‍රියේ වෙඩි හුවමාරුවක් සිදුවී ඇති බවය. පාකිස්තානයට එරෙහිව ගන්නා සියලු ක්‍රියාමාර්ග සඳහා ඉන්දියාවේ විපක්ෂයේ සියලු පක්ෂ සහාය දැක්වීමට ද තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය. ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික මතභේද තවදුරටත් බිඳ වැටුණේ ඉන්දීය ජම්මු – කාෂ්මීරයේ, පහල්ගම් හි සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයත් සමගිනි. මෙම ත්‍රස්ත ප්‍රහාරය වාර්තා අතරට එක්වන්නේ,…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

Read More

සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග ඊයේ දිනයේ සිට මේ සඳහා එක් නොවන ලෙස දළදා වන්දනා කමිටුව දැනුම් දුන්නේය. කෙසේවෙතත් දැනට පෝලිම්වල සිටින සැදැහැවතුන් සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව සලසාදීමට තීරණය කර ඇති අතර ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් එලෙස පෝලිම්වල රැඳීසිටින බව පොලීසිය සඳහන් කළේය. මේ වනවිට පෝලිම්වල රැඳීසිටින පිරිස් සිරි දළදා වන්දනාව අවසන් කරනවිට 27 වන ඉරුදින පස්වරුව වනු ඇති බවට පොලීසිය අනුමාන කර තිබේ. මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට නොපැමිණෙන ලෙසද පොලීසිය ඉල්ලීමක් කර…

Read More

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ 2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.

Read More

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. එයින් සිද්ධීන් 14ක් තහවුරු වී ඇතැයි ද පැවසු ඒ මහතා මැතිවරණ නීතින් උල්ලංඝනය වීම සිද්ධීන් 322ක් මේ වනවිට පැෆරල් සංවිධානයට වාර්තා වී ඇතැයි ද කියා සිටියේය. ඒ යටතේ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 18ක් වාර්තාවී ඇති අතර ඉන් 17ක් තහවුරු වී ඇතැයි ද ඒ මහතා පැවසීය. එමෙන්ම ඡන්ද දායකයින්ට ආධාර ලබාදීම හා අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් සිද්ධීන් 38ක් වාර්තා වන නමුත් අපේක්ෂකයින් 70,000ක ප්‍රමාණයක් තරග කරන තත්ත්වයක් තුළ එය බරපතළ තත්ත්වයක් නොවන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන්…

Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30%ක් ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. පසුගිය 16 වනදා තම දෙපාර්තමේන්තුවට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සඳහා භාරදුන් බවද ඔහු සඳහන් කළේය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 14කට වැඩි ප්‍රමාණයක් මෙලෙස භාරදී තිබේ. එළඹෙන 29 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර අප්‍රේල් මස 27 වන ඉරුදින විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවද තැපැල්පතිවරයා සඳහන් කළේය. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන මැයි 6වන දින දක්වා තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත. අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පූර්ණ…

Read More