Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 6ක් සපිරෙයි
    Featured

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 6ක් සපිරෙයි

    By LFNApril 21, 2025No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක් සපිරේ.

    2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

    මීට අමතර දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයකද පිපිරීම් වාර්තා වුණි.

    එම ප්‍රහාරවලින් පුද්ගලයින් 270ට අධික පිරිසක් මරණයට පත් වූ අතර තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.

    මෙම ප්‍රහාරයට වසර 6ක් ගත වීම නිමිත්තෙන් මියගිය පිරිස් සිහිකිරිමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා පිහිටි කිතුනු දේවස්ථාන කේන්ද්‍රකර ගනිමින් අද දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන්ය.

    එහි ප්‍රධාන සැමරුම් උත්සවය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30ට ආරම්භ කරන බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක, ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේය.

    ඊට සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන් සහභාගී වීමට නියමිතය.

    උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාදකිරීම සහ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවය රැකීම සිදුකෙරේ.

    පස්වරු 5.30ට ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පිරිස් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස වතිකානයේ ශුද්ධාශනය විසින් පිළිගැනීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත්කිරීම සහ දේවමෙහෙය පැවැත්වීමට නියමිත බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ, ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේය.

    මේ අතර, අද දිනයේ කොටහේන ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිහිකිරීම නිමිත්තෙන් කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පවත්වන පාගමන සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේවමෙහෙය හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත.

    ඒ අනුව, උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබීම සිදුකරයි.

    එබැවින් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    වසාතැබෙන මාර්ග සහ විකල්ප මාර්ග සම්බන්ධයෙන් තොරතුරු පහත Related News වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.