Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පුංචි ඡන්දය ගැන සාකච්ඡාවට කොමිසම අද රැසවෙයි
    Local News

    පුංචි ඡන්දය ගැන සාකච්ඡාවට කොමිසම අද රැසවෙයි

    By LFNApril 21, 2025No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (21) රැස්වන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

    මාධ්‍ය කළ විමසිමකදී ඔහු සඳහන් කළේ අද පෙරවරු 10න් පසු කොමිසම රැස්වන බවය.

    මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

    පළාත් පාලන ඡන්ද විමසිමේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටලු හා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීම සඳහා මෙලෙස කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

    අදාළ පළාත් පාලන ආයතනයේ බලයලත් නියෝජිතයින් පත්කරගන්නා ආකාරය, ඡන්දය නිරීක්ෂණය කරනු ලබන ආකාරය පිළිබඳව ද මෙහිදි දැනුම්වත් කරනු ඇති බව සඳහන්ය.

    මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධානද අද දිනයේ මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

    ඔවුන්ගේ නිරීක්ෂණ කටයුතු සහ ඉදිරියෙදි කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන අතර මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කරනු ඇත.

    මේ අතර පළාත් පාලන ආයතන 112කට අයත් තැපල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    අදාළ දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරින් විසින් එම කටයුතු සිදුකරන බව එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.