Author: LFN

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි. අනතුරුව හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12:30ට පමණ සිදුවන අතර ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ක්‍රිස්තු වර්ෂ 310දී පමණ ත්‍රිකුණාමලයේ අප්‍රකට වරායකින් ලංකාද්වීපයට වැඩම කරවූ දළදා වහන්සේ මෙරට රාජධානි කිහිපයක ගමන් මඟින් පසු වර්තමානයේ ඓතිහාසික සෙංකඩගල දළදා මැදුරේ දළදා වහන්සේ…

Read More

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ . එල්. රත්නායක මහතා සඳහන් කළේ අදාළ සංශෝධිත දින වන්නේ අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනයන් බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා, “ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු සියලූම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මාසයේ 24,25, 28 සහ 29 යන දින 4 තුළ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.” “කිසිදු වෙනස්කමක් නොමැතිව සියලූම රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම ආයතනවල…

Read More

“සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි. අද (17) සවස පැවති “සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එසේ වුවත් ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ඔවුන්ව ද විශේෂ ආරක්ෂාවකට ලක්කරන බව පැවසීය. මේ අතර, ප්‍රභූවරුන් ලෙස විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව…

Read More

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිදුවෙකු මියගොස් තිබේ. පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන අසල ක්‍රීඩා පිටියේ දී මෙම අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිටියදී මෙම අවාසානාවන්ත අනතුර සිදුව ඇත. අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පිටිගල පොලීසිය වැඩිදුරටත් පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු වන අතර, එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තු සිටි අයෙක් බව සඳහන් වේ. පස්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත අතර, පිටිගල…

Read More

එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. උතුරේ යුද්ධය හේතුවෙන් ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීමට සිදුවූ බවත්, ඇතැම් පාරවල් වසා දැමීමට සිදුව ඇති බවත් පැවසු ජනාධිපතිවරයා ඒ සියල්ල විසඳා ජනතාවට නිදහසේ තමන්ගේ වැඩකටයුතු කළ හැකි රටක් ජාතික ජන බලවේගය විසින් සකස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Read More

පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දිනය දක්වා වු කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 62ක් සහ වාහන 14ක් පොලිස් භාරයට ගෙන ඇති බවය. මේ අතර, මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 38ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 138ක් ද වාර්තා වී තිබේ.

Read More

මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයයට පැමිණ තිබේ. ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක්වූ ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ ඇති බවයි. ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර අමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා අමෙරිකාව සහ චීනය අතර ඉස්මතුවෙමින්…

Read More

පානදුර වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු දියේ මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි. ඊයේ (16) සවස 5.30ට පමණ බණ්ඩාරගම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් විනෝදය සඳහා පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී පස් දෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් තිබේ. එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පානදුර වෙරළ නාවික හා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් ඉන් පුද්ගලයින් තුන්දෙනෙකුගේ දිවි ගලවා ගත් අතර ඉතිරි දරුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇත. මෙසේ දියේ ගිලී අතුරුදහන් වී ඇත්තේ මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මුහම්මදු නම් වයස අවුරුදු 15ක දරුවෙක් සහ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි යසීර් අර්ෆාත්…

Read More

හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුළු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව හැටන් පොලීසිය පැවසීය. ඊයේ (16) රාත්‍රියේ අනතුර සිදුව තිබූ අතර, හැටන් සිට හැටන් ලෙදන්ටි වතුයාය දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවට අනාවරණය වී තිබේ. ත්‍රිරෝද රථයේ අවුරුදු 13ක පාසල් සිසුවෙකු ඇතුළු ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු නංවාගෙන අධික වේගයෙන් ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්ථාවේ…

Read More

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවය. “තීරු බදු වැඩිවෙන්න වැඩිවෙන්න භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාවත් අඩුවෙනවා. ඒ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕනේ. මේක නතර කරන්න බැහැ ඒක ක්‍රියාත්මක වෙනවා. මේකේ එක බලපෑමක් තමයි රැකියා නැතිවීම. බොහෝ දෙනෙක් ලක්ෂය කියලා කියන්නේ. ලක්ෂයක් වුණත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාල වෙන්න යනවා. ඒ වගේම ඒකට සම්බන්ධ අනෙක් අය… බෝඩින් කාමර…

Read More