Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
    Featured

    අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

    By LFNApril 17, 2025No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊයේ (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවය.

    “තීරු බදු වැඩිවෙන්න වැඩිවෙන්න භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාවත් අඩුවෙනවා. ඒ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕනේ. මේක නතර කරන්න බැහැ ඒක ක්‍රියාත්මක වෙනවා. මේකේ එක බලපෑමක් තමයි රැකියා නැතිවීම. බොහෝ දෙනෙක් ලක්ෂය කියලා කියන්නේ. ලක්ෂයක් වුණත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාල වෙන්න යනවා. ඒ වගේම ඒකට සම්බන්ධ අනෙක් අය… බෝඩින් කාමර දෙන අය, කඩ සාප්පු කරන අය.. ඒ හැම කෙනාගෙම ආදායමට මේකෙන් පහරක් වැදෙනවා. අපේ ආර්ථිකයටත් පහරක් වැදෙනවා. අපේ ගෙවුම් ශේෂයට තවත් බරක් එනවා. අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා අපි ණය ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. මේ අර්බුදය නිසා රුපියල තවත් අඩුවෙලා තියෙනවා. ආර්ථිකයේ වර්ධන වේගය අඩුවෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා එකක් අමෙරිකාව එක්ක සාකච්ඡා කරන්න. අනික අපි කොහොමද දේශීය වශයෙන් මේ ප්‍රශ්න විඳන්නේ. ඒ නිසා මේක හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්න පියවර කුමක්ද කියලා රටට දැනුවත් කරන්න ඕනේ. නැත්නම් මේ තත්ත්වය ගැන ප්‍රකාශයන් නොකරුවොත් එක එක ප්‍රශ්න ඇති වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.