Author: LFN
රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වනදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49 හා 39 වයස් වල පසුවන සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පසුගිය 13 වන දින උදෑසන කාලයේ කිරුළපන පොලිස් වසමේ තුන්මෝදර හන්දිය අසලදී, ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර ඇත. එම ත්‍රිරෝද රථයේ සිටි සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන කිරුළපන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර විමර්ශනයක්…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී විවෘත කෙරුණු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය මේ දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි. එහි නිරීක්ෂණයකට ඊයේ (15) එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අදාළ ගබඩා සංකීර්ණය විවෘත කළ බව පවසමින් වත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමකට ලක්කර ඇති බවය. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි පරිදි මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවක් සහිතව ඉදිකළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ ඉකුත් 2019 වසරේ පැවති යහපාලන ආණ්ඩු සමයේ, හර්ෂ ද සිල්වා මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යධුරය දරමින් සිටියදීය. කෙසේවෙතත්…
ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී වෙඩි තැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට මෙලස වෙඩි තබා පලාගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (15) රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇත. වෙඩි තැබීමෙන් ඔවුනට තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් වෑන් රථයට පමණක් අලාභ සිදුව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ඔහු පැවසුවේ අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා, “අද දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදීමට නියමිතයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික්ක මට්ටමින් අපිට ලැබීමට නියමිතයි. ඒ ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සෑම නිවසකටම බේදාදීමට කටයුතු කරන්න ඕනේ ඒ සඳහා අපිට 29 වනදා වෙනතුරු කාලය තියෙනවා. ඒ අතර කාලය තුළ අප්‍රේල් 20 විශේෂ බෙදීමේ දිනයකුත් දාලා තියෙනවා මොකද මේවා ගෙදර…
පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. ඊයේ (15) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පානම පොලීසය පවසයි. අතුරුදන් වූ තරුණයින් අවුරුදු 23 වයසේ පසු වූ මධ්‍යම පානම, පානම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර හික්කඩුව පොලිස් වසමේ හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේදී විදෙස් ජාතික යුවළක් දියවැළකට හසු වී මුහුදෙහි ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබේ. හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය, පොලිස් කොස්තාපල් 96221 දුමින්ද, පොලිස් කොස්තාපල් 27794 බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් 101510 අදීෂ යන නිලධාරීන්…
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේ ද බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ සාමාන්‍ය කාල සටහන යටතේ අද බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය. හෙට (17) සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේය. මේ අතර කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ගම්බිම් බලාගිය ජනතාවගේ අවශ්‍යතාව මත හෙට (17) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම, සබරගමුව සහ ඌව…
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID) විසින් ලබාගනෙ ඇත. 2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් පසුගිය 8වනදා මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන 13 සහ 14 යන දෙදින තුළ ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව අප්‍රේල් 13 වැනි දින සහ 14 වැනි දින දෙදින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදී ලබා දීමට අවස්ථාව එම දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ. එමෙන්ම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයත් තුළ සිදුවනු ඇති බවත් බන්ධනාගාර…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ අල්ලස් කොමිසමේ ක්‍රියාපිළිවෙල සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවය. තවද හිටපු ජනාධිපතිවරයාව කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමටත් පියවර ගෙන ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.