Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නියෝජ්‍ය ඇමති මහින්දගෙන් CIDයට පැමිණිල්ලක්
    Featured

    නියෝජ්‍ය ඇමති මහින්දගෙන් CIDයට පැමිණිල්ලක්

    By LFNApril 19, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    ඒ තමා සහ සිය දියණිය සම්බන්ධව සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් සම්බන්ධවය.

    අදාළ ව්‍යාජ පුවත මගින් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියගේ ඡායාරූප භාවිත කර කොළඹ ප්‍රසිද්ධ හෝටලක සිය දියණියගේ උපන් දිනය පවත්වා ඇති බවත් ඊට අදාළ දැඩි අපහාසාත්මක සහ ද්වේශ සහගත කරුණු එම සටහනේ දක්වා ඇති බවත් දක්වා තිබුණි.

    මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ උපන් දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වැනි දින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ බවත් සිය දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වන බවත් ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවත් සඳහන් කර තිබේ.

    පළ කර ඇති මෙම ව්‍යාජ පුවත මගින් පූර්ණ කාලීන දේශපාලනයේ නිරත තමාට මෙන්ම තම දේශපාලන ව්‍යාපාරයට බරපතළ අපහාසයක් සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම පැමිණිල්ල මගින් දක්වා ඇති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින්ටද මෙම අසත්‍ය පුවත මගින් ද්වේශ සහගත සහ හිතාමතාම අපහාර සිදුකර ඇති බවය.

    ඒ අනුව අදාළ සාවද්‍ය පුවත සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් කර ඊට අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිය පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.