Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම – IMF කරුණු දක්වයි
    Featured

    ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම – IMF කරුණු දක්වයි

    By LFNApril 11, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

    ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ මහතා ප්‍රමුඛ IMF නිලධාරී කණ්ඩායම සිය ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින් මේ බව පවසා ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා මෙම කණ්ඩායම ඉකුත් 3වනදා සිට මෙරට සංචාරයක නිරත විය.

    ඒ අනුව සිය දූත මෙහෙය අවසන් කරමින් නියෝජිත කණ්ඩායම මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියේ, මෑත කාලීන බාහිර කම්පනයන් සහ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවයන් හමුවේ තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිතතාවක් ඇති කරමින් පවතින බවයි.

    එසේම ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ඇගයීමට තවදුරටත් කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මේ අතර ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විසින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය හරහා අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකිවී ඇති බවයි.

    ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයෙන් පසු 2024 දී 5%ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සමත්වීම වඩා වැදගත් සිදුවීමක් බව ඔවුන් මෙහිදී පෙන්වා දෙයි.

    එසේම මෑත කාලීනව උද්ධමනය -2.6% දක්වා පහත වැටීම, ශ්‍රී ලංකා මහ බැංකුව සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමග 2025 මාර්තු අග වනවිට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් තිබීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුම හිමිව තිබේ.

    එසේම ඔවුන් පවසන්නේ සැලකිය යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.