Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර දෙන්නේ නැහැ – ජනපති
    Featured

    අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර දෙන්නේ නැහැ – ජනපති

    By LFNApril 9, 2025No Comments3 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

    ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වන විට ලබා දී ඇති බවත්, නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පැවති “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

    මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජ වී ඇති බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස හය තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බවත් පැවසු ජනාධිපතිවරයා නිලධාරී යාන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

    අල්ලස හා දූෂණය නැමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකය තුළ දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් බවද අවධාරණය කළේය.

    නීතියට අනුගත වන හා නීතියට බිය වන සමාජයක් ගොඩනැඟිය යුතු අතර ඊට දේශනා, වැඩමුළු ප්‍රමාණවත් නොමැති බවත්, අපරාධයකට දඩුවමක් ලැබෙන බව ප්‍රායෝගිකව තහවුරු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ගමේ බොරලු පාරෙන් ආරම්භ වූ අල්ලස හා දූෂණය පුරවැසියාගේ දෑස් අන්ධ වන ඖෂධ ගෙන ඒම දක්වාත්, සරල තැනින් ආරම්භ වූ අල්ලස හා දූෂණය අතිශය අමානුෂිකත්වය දක්වාත්, ප්‍රාදේශීය සභාවේ සිට මහ බැංකුවෙහි සොරා කන තත්ත්වය දක්වාත් පැතිර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම කටයුතුවලට හිටපු පාලකයන් ආරක්ෂාව සැපයූ බවද සිහිපත් කළේය.

    රාජ්‍ය පරිපාලන ආයතනවල සහ නීතිය පසිඳලන ආයතනවල කිහිප දෙනෙකුගෙන් සහ සන්නද්ධ අපරාධකරුවන්ගෙන් සමන්විත අල්ලස හා දූෂණය ක්‍රියාත්මක කරන චෞර වළල්ලක් නිර්මාණය වී ඇති බවද පැවසූ ජනාධිපතිවරයා, එය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඊට විසඳුම් ක්‍රියාත්මක කරන බවත් අනාවරණය කළේය.

    අල්ලස හා දූෂණය රටින් තුරන් කර දැමීමේ වගකීම ඊලඟ පරම්පරාවට භාර නොදෙන බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට විසඳුම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවට වසරකට පෙර නිදහස ලබා ගත් ඉන්දියාව ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාවකාශ තරණය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය ගත් තීන්දු තීරණ නිසා 2022 දී බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ බවද කියා සිටියේය.

    ජනතාවගේ සෑම රුපියලකටම වගකියමින් ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඔසවා තැබීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    එසේ කිරීම තුළින් යුක්තිය පසිඳලන ආයතන පිළිබඳ විශ්වාසනීයත්වයක් පුරවැසියා තුළ ඇති කළ හැකි බවද අපරාධයක් සිදු කර නීතියෙන් බේරී යාමට කිසිදු අවස්ථාවක් නොමැති බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.