Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවුරුද්දට ආරක්ෂාව තරවෙයි – පොලීසියෙන් 35,000ක්
    Featured

    අවුරුද්දට ආරක්ෂාව තරවෙයි – පොලීසියෙන් 35,000ක්

    By LFNApril 10, 2025No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

    එම ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

    විශේෂයෙන් ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන තිබේ.

    මීට අමතරව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා රථ වාහන රාජකාරී නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    මේ අතර උත්සව සමයේ සිදුකළ විශේෂ වැටලීම්වල දී අවුරුදු සේල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 36 දෙනෙකුට එරෙහිව නිතිමිය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට පටහැනිව පාරිභෝගිකයින් නොමඟ යවන ආකාරයෙන් කටයුතු කළ වෙළෙඳුන්ට එරෙහිව මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.

    උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක සේල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබීය.

    ඒ අනුව ඇඳුම්, පැලඳුම් සහ විදුලි උපකරණ අලෙවිය සිදුකරන සේල් සම්බනධයෙන් වැඩි අවධානයක් යොමුකර මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනිම සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

    මේ අතර අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අවම කරගැනීමට ජනතාව පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

    අලුත් අවුරුදු කාලසීමාව තුළ දරුවන් වැඩි වශයෙන් ගිනිකෙළි අනතුරුවලට ලක්වන බැවින් ගිනිකෙළි භාවිත කිරීමේදී ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර මහත්මිය සඳහන් කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.