Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»වෙළෙඳ යුද්ධයත් සමග බොරතෙල් බැරලයක මිල සිඝ්‍රයෙන් පහළට
    Business

    වෙළෙඳ යුද්ධයත් සමග බොරතෙල් බැරලයක මිල සිඝ්‍රයෙන් පහළට

    By LFNApril 10, 2025No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2021 වසරට පසු වසර 04කින් බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඒ අමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වීමත් සමගය.

    ඒ අනුව බොරතෙල් බැරලයක මිල 6.68% කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 55.60 දක්වා පහත වැටි ඇති බවය.

    එක් අවස්ථාවක දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 58.84 දක්වා පහත වැටි ඇති අතර එය 6.34% ක පහත වැටීමක් බවද සඳහන් වේ.

    ලෝකය කොවිඩ් වසංගතයට මුහුණ දුන් 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 60 ට වඩා පහත වැටුණු පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය සතියේ එක්සත් ජනපදය විසින් නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අඛණ්ඩව පස්වන දිනටත් තෙල් මිල තියුණු ලෙස පහත වැටී ඇති බවය.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට පළිගැනීමක් ලෙස චීනය ද එක්සත් ජනපද භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙලෙස අද දිනයේ (09) බොරතෙල් මිල 7% කින් පමණ පහත වැටී ඇත.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104% ක බදු අද (09) සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    ඊට පළි ගැනීමක් වශයෙන් චීන මුදල් මුදල් අමාත්‍යාංශය, අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා 84% ක තීරුබද්දක් පැනවීමට ද කටයුතු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.