Author: LFN

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය හමුව තිබේ. ඒ ඊයේ (07) පස්වරුවේ අමාත්‍යංශ පරිශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කර තිබේ. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව සාකච්ඡා කර තිබේ. 2022 වසරේදී ශ්‍රි ලංකාව පුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය…

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ඊයේ (07) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. ඒ කොලොන්නාව, බොරලැස්ගමුව, සීතාවක පුර නගර සභා තුනක් සහ සීතාවක ප්‍රාදේශිය සභාව යන පළාත් පාලන ආයතන 04 සඳහාය. ඒ අනුව කෙලොන්නාව නගර සභාව සඳහා ජන්ද පත්‍රිකා 268ක්ද, සීතාවක නගර සභාව සඳහා ජන්ද පත්‍රිකා 503ක්ද, බොරලැස්ගමුව නගර සභාව සඳහා ජන්ද පත්‍රිකා 647ක්ද, සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා ජන්ද පත්‍රිකා 3562ක් වශයෙන් අද දින මෙම පළාත් පාලන ආයතන 04 සඳහා ජන්ද පත්‍රිකා 4,980ක් නිකුත් කිරිම සිදුවිය. මැයි මස 06 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ දිස්ත්‍රික්කය තුළ පළාත්…

Read More

උඩරට දුම්රිය මාර්ගයට පස් කණ්ඩියක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි. ඔහිය සහ ඉදල්ගස්හින්න අතර මාර්ගයට එලෙස පස් කණ්ඩියක් කඩාවැටී ඇත. ඒ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සබරගමුව, මධ්‍යම, ඌව,නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල්…

Read More

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වී ඇතැයි අප වාර්තාකරු පැවසීය. ඊයේ (07) රාත්‍රි 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. මේ වන විට කුරුණෑගල මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය පැවසීය. ඊයේ රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000ක් අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන තිබේ. පුපුරා නොගිය ලීටර් 6,000ක් අඩංගු ගෑස් ටැංකිය…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළඟා කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය. එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sanjaya Panth, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන Peter Breuer, Evan…

Read More

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එලෙස අතුරු තහනම් නියෝග නිකුත්කර ඇති සෙසු පළාත් පාලන ආයතන වන්නේ හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාවන්ය. සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි 05 වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් මෙහිදී නියෝග කර තිබේ. ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වනදාට…

Read More

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී ඇත. කෝසල නුවන් මහතා ඊයේ ඇති වූ හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අතර මිය යන විට ඒ මහතා 38 වැනි වියේ පසුවිය.

Read More

මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේදී වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගන්වා තිබේ. වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය. මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු…

Read More

අල්ලස් කොමිසම (CIABOC) විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අප්‍රේල් 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කරන ලද තවත් නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.

Read More