Author: LFN
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබේ. ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව – අනුරාධපුර දුරකථන සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කිරීම ද අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුරාධපුර සංචාරය හේතුවෙන් අද දිනයේ අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.…
අර්බුද අබිබවා ශීඝ්‍ර ප්‍රගතියක් අත්කරගනිමින් ඇති ශ්‍රී ලංකාවේ දියුණුවට සහාය දෙන්නට හැකිවීම පිළිබඳ තමා අතිශය සතුටට පත්වන බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡාවෙන් අනතුරුව පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අගමැති මෝදි පැවසුවේ, ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණයවලින් ඩොලර් මිලියන සියයක් ප්‍රදානයක් බවට පත්කරන බවය. “ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද මා වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය පිරිනැමීම විශාල ගෞරවයක් කොට සලකනවා. එය මා පිළිගැනීමක් පමණක් නොව බිලියන 1.4ක් වු ඉන්දියානු ජනතාව පිළිගැනීමක්. එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඓතිහාසික සබඳතා සහ ගැඹුරු මිත්‍රත්වයට පිදුණ උපහාරයක්. මෙය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස මගේ…
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමුව තිබේ. අද (05) කොළඹදී මෙම හමුව සිදුව තිබේ.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද (5) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි. ඉන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට පැමිණි අතර, එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඉන් පසු ජනාධිපති කාර්යාලයේදී දෙරටේ නායකයින් ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට ද එක්වූහ. අදාළ සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සහ ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව ආරම්භ කෙරුණි. මෙහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිය. ඉන් අනතුරුව ඉන්දියාවේ සහයෝගයෙන්…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් සිදුකරන රථවාහන සැලැස්මට අනුව කොළඹ අවට මාර්ග වසාතැබෙන ආකාරය ගැන පොලීසිය විසින් අද (5) අලුත්ම නිවේදනයක් නිකුත් කළේය. අද (5) දිනයේ සිදුකරන මෙම විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළහැකි බව එම නිවේදනයේ දැක්වේ. ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීම මාර්ගය වසාතැබීම – ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගමන් කිරීමට නියමිත අතර පෙ.ව. 8 සිට අග්‍රාමාත්‍යවරයා නැවත පැමිණෙනතුරු ගාලු මුවදොර වටරවුම, ගාලු පාර කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස…
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේදී මෙම වැටලීම සිදුකර ඇත. මේ වනවිට එම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වෙයි.
මියන්මාරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය අද (05) දින මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. මෙම ගුවන් යානය සඳහා වෛද්‍ය කණ්ඩායමක් සහ විපතට පත් ජනතාව මුදවා ගැනීම සඳහා මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කරගන්නා ලද මානුෂීය ආධාරද අයත් වේ. අදාළ ගුවන් යානය අද පෙරවරු 7.45ට මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
ල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු සඳහා දීර්ඝ කාලින විසඳුමක් ලබා දෙන තෙක් ප්‍රදේශයේ වාරි ගැටලු විසඳීමට කෙටිකාලීන පියවර රැසක් යෝජනා වී තිබේ. මේ පිළිබඳව පසුගියදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ මෙම ගැටලුව හා සම්බන්ධ සියලුම අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම යෝජනා කඩිනමින් ක්‍රියාවට නැංවීමට එකඟතාව පළ කෙරිණි. ඒ අනුව ලවණ බාධකය ඉදිකිරීමේදී ඉවත් කළ ගඟ අසල ඉඩමක ගොඩගසා ඇති පස් කන්ඩි ගංවතුර සමයේ ජලය පහසුවෙන් බැස යාමට හැකිවන පරිදි ඉවත් කිරීම, ලවණ බාධකය දෙපස ඉදිකර ඇති Sheet File බාධකයේ උස අඩුකර ජලය පහසුවෙන් බැස යාමට සැලැස්වීම,…
රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අදාළව තවත් වාහන 12ක් කොමිෂන් භාරයට ගෙන තිබේ. මෙම වාහන රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධව චෝදනා යටතේ අල්ලස් කොමිසම භාරයට ගෙන ඇත. ඒ අනුව ජීප් රථයක්, මිට්ෂුබිසී මොන්ටේරෝ ජීප් 06ක්, ටොයොටා ජීප් රථ 03, ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් රථ 01, නිශාන් ඩබල් කැබ් රථයක් කොමිෂන් භාරයට ගෙන තිබේ. මෙම දූෂණ අක්‍රමිකතාවයන් සිදු වූ ආකාරය සහ එයින් රජයට ඇති වූ අලාභය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද මගින් මේ වන විට කොමිෂන් සභාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් පවතින බවද…