Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ
    Featured

    ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

    By LFNApril 5, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද (5) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.

    ඉන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට පැමිණි අතර, එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    ඉන් පසු ජනාධිපති කාර්යාලයේදී දෙරටේ නායකයින් ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට ද එක්වූහ.

    අදාළ සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සහ ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව ආරම්භ කෙරුණි.

    මෙහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිය.

    ඉන් අනතුරුව ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම දෙරටේ රාජ්‍ය නායකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලැබීය.

    මේ අතර මෙරට ආගමික ස්ථාන 5,000ක වහල මත සවිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමටද නායකයින් දෙපළ මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්විය.

    එමෙන්ම උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදිකෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණය ද අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවෘත කරනු ලැබීය.

    මේ අතර මෙරට ඉන්දීය ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කරගැනීම සිදු කෙරුණි.

    මෙහිදී විදෙස් නායකයෙකු වෙනුවෙන් මෙරටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘මිත්‍ර විභූෂණ’ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුකෙරිණි.

    අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමේ අවස්ථාවෙන් අනතුරුව දෙරටේ නායකයින් ඒකාබද්ද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “විදෙස් ප්‍රතිපත්තිය අපේ මාර්ග සිතියම වෙනවා. මීට ටික වේලාවකට ප්‍රථම අපි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. අපේ ද්වීපාර්ශ්ව සාකච්ඡාවල වත්මන් තත්ත්වය පුළුල්ව සමාලෝචනය කළ අපි, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය ගැන අදහස් හුවමාරු කරගත්තා.

    මෙරට ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කිරීම වර්ධනය හා ස්ථාවරත්වයට ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදි මහතාට සහ ඉන්දීය රජයට ස්තූතිය පළ කළා.

    අසල්වැසියා පළමුව යන ඉන්දියාවේ විදෙස් ප්‍රතිපත්ති රාමුවට අනුකූලව අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය සහ තිරසර ආර්ථික තත්ත්වයට ඉන්දියාව දක්වන කැපවීම සහ සහයෝගයට මෝදි අගමැතිවරයාට මම ස්තූතිවන්ත වෙනවා.

    දෙරට අතර දැනටමත් පවතින විශිෂ්ට ආරක්ෂිත සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කළ අතර ඉන්දියාවේ ආරක්ෂාව මෙන්ම කලාපයේ ආරක්ෂාවට හානිදායකවන කිසිදු කාර්යකට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීම ඉඩ නොදීමේ ස්ථාවරය මා නැවත තහවුරු කළා”.

    මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්වික සාකච්ඡා අවසන්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

    මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් සහ ඉන්දීය රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් එක්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.