Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෝදිගේ ලංකාවේ සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් 14කට නිදහස
    Featured

    මෝදිගේ ලංකාවේ සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් 14කට නිදහස

    By LFNApril 7, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබේ.

    පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම නිදහස් කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

    එමෙන්ම එහිදී ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සහ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව වාර්තා වේ.

    එහිදී මෝදි මහතා පවසා ඇත්තේ, “අපි ධීවරයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම කාරණයේදී මානුෂීය ප්‍රවේශයකින් ඉදිරියට යා යුතු බවට අපි එකඟ වුණා. ධීවරයින් නිදහස් කිරීම සහ ඔවුන්ගේ බෝට්ටු ආපසු ලබාදීම සම්බන්ධයෙන්ද අවධාරණය කළා.” යනුවෙනි.

    ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සිදුකරන තමිල්නාඩු ඉන්දීය ධීවරයින්ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සිදුකරන අතර, ඒ අනුව 2025 ආරම්භයේ සිට ඉන්දීය ධීවරයින් 119 දෙනෙකු සහ ධීවර බෝට්ටු 16 ක් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    සාකච්ඡාවලින් පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා පවසා අත්තේ, ශ්‍රී ලංකා බලධාරීන් ධීවරයින් 11 දෙනෙකු ඉක්මනින් නිදහස් කිරීමට තීරණයක් ගෙන ඇති බවත්, ඉදිරි දිනවලදී තවත් කිහිප දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බවත්ය.

    එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම ගැටලුව දෙපාර්ශ්වය අතර සැලකිය යුතු ලෙස විස්තරාත්මකව සාකච්ඡා කරන ලද විෂයයක් බවත් අවසානයේ දෙපාර්ශ්වයේම ධීවරයින්ගේ ජීවනෝපායට බලපාන ගැටළු වන බැවින් ඊට අවශ්‍ය සහයෝගීතාවය සඳහා මානුෂීය හා ඵලදායී ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.