Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මීගමුව රෝහලේදී අතවරයට පත් තරුණිය පරීක්ෂා කිරීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්
    Featured

    මීගමුව රෝහලේදී අතවරයට පත් තරුණිය පරීක්ෂා කිරීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්

    By LFNApril 6, 2025No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

    පසුගිය මස 31 වැනි දින අදාළ තරුණිය දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇගේ මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් ඇයව ලිංගිත අතවරයට ලක් කළ බවට මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ හරහා මීගමුව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

    ඒ අනුව අදාළ තරුණිය පසුගිය 02 වැනි දින අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය වාර්තාව සම්බන්ධව අදාළ තරුණිය සෑහිමකට පත් වී නොමැති බවද පොලීසිය පවසයි.

    මේ හේතුවෙන් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත කාන්තාව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.

    මේ අතර අදාළ සිදුවීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කර තිබුණි.

    එහි සඳහන්ව ඇත්තේ මෙම සිදුවීමට අදාළ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බවට තහවුරු වී ඇති බවය.

    ඒ ඔහු සිය සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කිහිපයකට පෙර සිය සංගමයෙන් ඔහුව නෙරපා හැරිය බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.

    කෙසේ වුවත් රජයේ රෝහලක් තුළ සිදුව ඇති මෙම බරපතළ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද එම සංගමය පවසයි.

    ඒ අනුව අදාළ විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය උපරිම සහාය ලබා දෙන බවත් සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්ෂාව තහවුරු විය යුතු බවට සිය සංගමය විශ්වාස කරන බවත් ඒ වෙනුවෙන් වඩා ශක්තිමක් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබා දීමටද සිය සංගමය සූදානම් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.