Author: LFN
ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඊයේ (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කළ විමසීමකදී ඔහු මේ බව පවසා සිටියේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ, ගිනිඅවි භාර නොදුන් පුද්ගලයන් මේ වනවිට ජීවත්ව සිටිනවාද නැතහොත් ඔවුන් මෙරට තුළ ජීවත්වෙනවද යන්න පිළිබඳ සොයාබලමින් සිටින බවයි. එමෙන්ම ආයුධ භාර නොදීමට එරෙහිව ඔවුන්ට විරුද්ධව නීති මගින් කඩනමින්ම කටයුතු කරන බව හෙතෙම පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා, “දැනට ගිනිඅවි භාර නොදී ඉන්නේ පුද්ගලයන් 42ක් පමණයි.…
කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ තැන්පත් කර තිබූ වසර 175කට වඩා පැරණි ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහර ප්‍රතිමාවෙහි වූ රන් ආභරණය, ඔටුන්න හා ඊතල 7ක් යම්කිසිවෙක් සොරගෙන ගොස් තිබේ. ඊයේ (01) අලුයම මෙම සොරකම සිදුව ඇති බවත් එම තැනැත්තා සිද්ධස්ථානයට පැමිණෙන අයුරු එහි සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බවත් පොලීසිය පවසයි. පසුව එම පුද්ගලයා ප්‍රතිමාව ද රැගෙන පලාගොස් තිබේ. අලුයම 2ත් 3ත් අතර කාලය තුළදී මෙම සොරකම සිදුව තිබූ අතර ඒ පිළිබඳ සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් හා පොලීසිය සිද්ධස්ථානයට පැමිණ ඒ ගැන සොයාබලා තිබුණි. පැය 8කට අධික කාලයක් සිදුකළ සෝදිසියකින් පසු ප්‍රතිමාව සොයාගැනුණේ සිද්ධස්ථානයට යාබද ප්‍රාථමික පාසලක වහලයක් මත පොහොර උරයක දමාගොස් තිබියදීය. ප්‍රතිමාවේ…
කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘතීම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර උප ඒකකය මගින් පසුගිය 29 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන සාලියපුර, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද අද (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල් දෙකක දුම්කොළ බද්ද රුපියල් තුන දක්වා ඉහළ දමා ඇති බවය. ඒ අනුව එක් බීඩියක මිල රුපියලයකින් ඉහළ යනු ඇති.
2008 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර ඇත. ජනාධිපති අරමුදලින් මෙම මුදල් ලබා ගැනීමට අදාළව පවත්වාගෙන ගිය ගොනු 22 ක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි. එම ගොනු වලට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනා විසින් විවිධ මුදල් ප්‍රමාණයන් වශයෙන් රුපියල් කෝටි 10 කට අධික මුදලක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇත. එමෙන්ම එම මුදල් ලබා ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. ඒ…
දකුණු, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අම්බලන්තොට – ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස 02 වනදා සිදුකළ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලකදී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනාම මිය ගොස් තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය සිදුකළ විමර්ශන වලදී සැකකරුවෙකු ඊයේ (02) සවස බියගම පොලිස් වසමේදී අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන මාමාඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ලබන 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබේ. එමෙන්ම අවුරුදු චාරිත්‍ර අවසන් කර යළි කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් ලබන 18,19 සහ 20 යන දිනන්හිදී විශේෂ දුම්රිය ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම්…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව ප්‍රකාශයට පත්කර තිබේ. එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බව සඳහන්ය. අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මෙම නව බදු ප්‍රතිපත්තියට…
පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබේ. පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකළ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව රාමඤ්ඤ මහා නිකායේ ස්වාමීන් වහන්සේ නමක් අද දෙරණට පැවසීය.