Author: LFN
සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘති 77කට අදාළව රු 71,645,226.32ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ මහේෂ් පීරිස් මහතා හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු නියෝග කළේ, එම ප්‍රදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු, ලිපිකරුවෙකු, සහ ලේකම්වරයෙකු මේ මස 08 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ, වයි.එම්.පී බණ්ඩාර නැමති හිටපු තාක්ෂණ නිලධාරියෙකු, සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර නැමති හිටපු ලේකම්වරයෙකු මෙන්ම අමල් තුෂාර විතාරණගේ නැමති හිටපු ලිපිකරුවෙකු බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසුවේය. තාක්ෂණ නිලධාරියා සහ හිටපු ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අතර…
මුදල් ආරවුලක් මත සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (01) එම සිදුවීම වාර්තා වී තිබුණේ ජාඇළ පොලිස් වසමේ ඒකල ශාන්ත මැතිව් මාවත ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ ශාන්ත මැතිව් මාවත, ඒකල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඒකල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ. එහිදී ඇයගේ රුවට බොහෙවින් සමාන කාන්තාවක් සමඟ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලීසිය පැවසීය. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පැවසීය. පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළේය. මෙම වෙඩි තැබීම…
දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…
කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් 2025 අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා, “ඇත්ත වශයෙන්ම මේක දෘෂ්ඨි මායාවක්. වසරක් ගත්තාම මේ අවස්ථාවේ උපරිම සූර්ය ශක්තිය ලැබෙන කාලය ඇවිත් තිබෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ අපේ රටට ඉහළින් සූර්යා මුදුන් වෙනවා. මේ මුදුන්වීම අප්‍රේල් 5 සිට 15 දක්වා පවතිනවා. කොළඹට සූර්යා මුදුන්වීම අප්‍රේල් 7 වනදා සිදුවෙනවා. එදින දහවල් 12:12ට කවුරු හරි එළියට ඇවිත් හිටියොත් ඒ අයගේ සෙවනැල්ල එක මොහොතකට නැති වෙලා යනවා. තමන්ගේ සෙවනැල්ල…
ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා තැනින් තැන වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවය. ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය. නඩු තුනක් සම්බන්ධව පසුගිය 27 වැනිදා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව ඔහුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. ඒ 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවය.
2014 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්. එෆ්. සරත් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර තිබූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියම කළේය. 2014 වසරේ අගෝස්තු මස පළමු වැනිදා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමත්තකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.
වනඅලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත. වනඅලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ පුද්ගලයෙකු අයත් පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වන අතර වන අලි ගම් වැදීම හේතුවෙන් දේපළ සහ වගා හානි වූ පවුලක දරුවන් හටද මීට අයදුම් කළ හැකිය. ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිරීක්ෂණය අනුව ආධාරයක් ලැබීමට සුදුසු පවුල් ඒකකයක් විය යුතු අතර 1ශ්‍රේණියේ සිට අපො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුලක් වීම…